මේ විදිහට ජීවත්වෙලා වැඩක් නෑ – මට ආයෙත් සිංදු කියන්න ඕනා – ඉරණම වෙනස් කළ නෙල්සන්ගේ සැත්කම

2300

එයත් එක්ක ඒ කාලේ හිටපු අය මේ වෙලාවේ හිටියේ නෑ
බිරිඳ ශ්‍රියානිගේ හෙළිදරව්ව

ඔරුවේ නැගලා” එළාර දුටුගැමුණු” වෙරි මට හොඳටම වෙරි” ඉපදුන දා පටන්ම” දෙන්නම්කෝ ලොක්කා” දිනන දාට කොල්ලෝ” මගේ හිතේ උපන් ආදරේ වැනි අතිශය ජනප්‍රිය ගීත ගායනා කරමින් සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ නිත්‍ය නිවේදක සහ ගායන ශිල්පියා ලෙස කණ්ඩායම් සංගීතයේ පෙරළියක් ඇති කළ නෙල්සන් වාස් පසුගියදා නැවත වරක් හදිසි හෘදයාබාධයකට ලක්වුණා. කවුරුත් නොසිතූ විදිහට ඔහුට අමාරු වුණා. හැමෝම හිතුවේ නෙල්සන්ව ආපහු සුව කරගන්න බැරිවේවි කියලා. ඇත්තටම දැන් නෙල්සන් වාස්ගේ අලුත්ම තතු මොනවාද?. හෘද වස්තුවේ සියයට හැත්තෑවක් අක්‍රිය වෙලා තිබුණ නෙල්සන්ට සැත්කමක් කළා. ඊට පස්සේ මොකද වුණේ. ඒ ගැන නෙල්සන් වාස්ගේ රසිකයන්ට තතු කියන්න ඕනෑ කියලා වගේම යළි නෙල්සන්ගේ හෘද වස්තුවට ජීවය දුන් හෘද රෝග විශේෂඥ වෛද්‍ය කේසව දේව්ට ස්තූති කරන්න අවස්ථාවක් අපෙන් ඔහුගේ බිරිඳ වන ශ්‍රියානි වාස් ඉල්ලා සිටියා. ඉතිං මේ නෙල්සන්ගේ බිරිඳගේ කතාවයි.

මේ විදිහට ජීවත්වෙලා වැඩක් නෑ - මට ආයෙත් සිංදු කියන්න ඕනා - ඉරණම වෙනස් කළ නෙල්සන්ගේ සැත්කම

පසුගිය අවුරුද්දේ සැප්තැම්බර් 18 වැනිදා නෙල්සන් වාස්ට ඉතා දරුණු හෘදයාබාධයක් ආවා. ඊට පසුව එයාව මීගමුව සහ කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරලා දැඩි සත්කාර ඒකකයේ පවා රැඳී සිටිමින් ප්‍රතිකාර කරලා අන්තිමට වෛද්‍යවරු පැවසුවේ සනීප කරන්න බැහැ කියලා. මොකද හෘදවස්තුවේ ශෛල්‍යකර්මයක් කරන්න බැරි තරමට සියයට හැත්තෑවක් අක්‍රිය වෙලා. සියයට තිහයි වැඩ කරන්නේ. ඒ වෙලාවේ ඉතාමත්ම අසාධ්‍ය තත්ත්වයේ තමයි නෙල්සන් හිටියේ. අන්තිමේ වෛද්‍යවරු කිව්වා ගෙදර එක්කගෙන යන්න කියලා. නමුත් මම දිගමට තොරතුරු සෙව්වා. මගේ එකම බලාපොරොත්තුව වුණේ නෙල්සන්ව කොහොම හරි සනීප කරගන්න එකයි. මාගේ හිතවත් ධම්මිකා බුලුගහපිටිය මහත්මිය හරහා විශේෂඥ වෛද්‍ය කේසව දේව් ගැන මට දැන ගන්න ලැබුණා. අවසාන බලාපොරොත්තුව පෙරදැරි කරගෙන අපි විශේෂඥ වෛද්‍ය කේසව දේව් හමුවෙන්න ගියා. රෝද පුටුවක තියලා තමයි ඔහුව රැගෙන ගියේ.

මේ විදිහට ජීවත්වෙලා වැඩක් නෑ - මට ආයෙත් සිංදු කියන්න ඕනා - ඉරණම වෙනස් කළ නෙල්සන්ගේ සැත්කම

එහිදී විශේෂඥ වෛද්‍ය කේසව දේව් කිව්වා අධික අනතුරුදායක ශෛල්‍යකර්මයක් වුණත් එය මට කළ හැකියි කියලා. මට ඒ වෙලාවේ ඇඬුණා. නෙල්සන්ගේ ඇස් දෙකෙන් තවදුරටත් ජීවත්වීමේ බලාපොරොත්තු පිරුණා. මම කැමැතියි ශෛල්‍යකර්මය කරන්න කියලත් නෙල්සන් කිව්වා. මට ඒ වෙලාවේ ඇත්තටම බය හිතුණා. මොකද මේ තරම් භයානක ශල්‍යකර්මයක් කරන්න ගිහිල්ලා මෙයාට මොනවා හරි වේවි කියලා. හුඟක් දෙනෙක් කිව්වේ ශල්‍යකර්මය කරන්න එපා කියලයි.

මේ විදිහට ජීවත්වෙලා වැඩක් නෑ - මට ආයෙත් සිංදු කියන්න ඕනා - ඉරණම වෙනස් කළ නෙල්සන්ගේ සැත්කම

හෘද රෝග විශේෂඥ වෛද්‍ය කේසව දේව්

හැබැයි නෙල්සන් මට මේ විදිහට ජීවත්වෙලා වැඩක් නෑ. ආපහු මට සින්දු කියන්න ඕනෑ කියලා කිව්වා. මම ආපහු පරණ ජීවිතයට එන්න ඕනෑ කියලත් කිව්වා. අපි ශල්‍යකර්මය කරමු කියලා කිව්වා. නමුත් අපිට අතේ සල්ලි තිබුණේ නෑ. අන්තිමේ අපි නෙල්සන්ව ගෙදර එක්කගෙන ඇවිත් ඒ ගැන කල්පනා කළා. මේ වෙලාවේ මට මතක් කරන්න ඕනෑ හෘද රෝග ඒකකයේ වෛද්‍ය මොහාන් රාජකරුණාව. ඒ වෛද්‍යවරයා අපිව අතහැරියේ නැතිවම ළඟින් සිටියා.

ශමින්ද විමලසේන අරමුදලක් පිහිටුවලා ශල්‍යකර්මයට මුදල් හොයන්න පටන් ගත්තා. මොකද අපිට එච්චර සල්ලියක් ඒ වෙලාවේ හොයාගන්න අමාරුයි. අන්තිමේ අරමුදල හරහා අපිට ගොඩක් මුදල් ලැබුණා. සමහර සංගීත කණ්ඩායම්වලින්” විදෙස් ගත මිතුරන්” රසික රසිකාවියෝ ගොඩක් උදව් කළා. හැමෝම වගේ පුංචි පුංචි මුදල පවා පරිත්‍යාග කරලා තිබුණා. මට ඒ වෙලාවේ දැණුනා නෙල්සන්ට රසිකයන්ගෙන් මොනතරම් ආදරයක් තියෙනවාද කියලා.

මේ විදිහට ජීවත්වෙලා වැඩක් නෑ - මට ආයෙත් සිංදු කියන්න ඕනා - ඉරණම වෙනස් කළ නෙල්සන්ගේ සැත්කම

අන්තිමේ පසුගිය පෙබරවාරි 18 වැනිදා විශේෂඥ වෛද්‍ය කේසව දේව් විසින් පැය නවයක හෘද සැත්කම සිදු කළා. ඇත්තටම මගේ මහත්තයාව ජීවත්කරවන්න පුළුවන් වුණේ වෛද්‍ය කේසව දේව්ගේ අත්දෙකට. වෛද්‍ය දේව් කියන්නේ දෙවියෙක්. මම වෛද්‍ය දේව්ව දැක්කේ දෙවියෝ එවපු දූතයෙක් වගේ. අදටත් නෙල්සන් ගැන සොයා බලනවා.

අපි මුලදී ප්‍රතිකාර ගත් වෛද්‍යවරු කී ආකාරයට නෙල්සන්ව ගෙදර තියාගෙන හිටියා නම් මට අද මේ කතාව කියන්න වෙන්නේ නැහැ. එහෙනම් මෙලහකටත් නෙල්සන් නැතිවෙලා.

වෛද්‍ය දේව් දැනගෙන හිටියේ නැහැ නෙල්සන් වාස් සින්දු කියන කෙනෙක් කියලවත්. සැත්කම කළාට පසුව තමයි දැනගත්තේ නෙල්සන් වාස් ජනප්‍රිය ගායකයෙක් කියලා. මගේ මහත්තයාගෙත් මැරුණු හෘදවස්තුවට යළි ජීවය ලබාදුන්නා.

මේ වෙනකොට නෙල්සන් වාස් බොහොම සෙමින් සුව අතට හැරෙමින් සිටිනවා. එයාට තවම එයාගේ වැඩකරගන්න බැහැ. ශරීරය ගොඩක් දුර්වලයි. කතා කරනකොට ටිකක් මහන්සි දැනෙනවා. බොහොම සෙමින් තමයි සුව අතට හැරෙන්නේ. හෘද සැත්කමින් පස්සේ නෙල්සන් වාස් කිව්වා වෛද්‍ය කේසව දේව් මගේ ජීවිතය බේරුවා කියලා. යක්ෂයාව පරාද කරලා මගේ ජීවිතය බේරාදුන්නා කියලත් කිව්වා. ඇත්ත වශයෙන්ම වෛද්‍ය කේසව දේව් අපිට මුණගැහුණෙ නැතිනම් අද නෙල්සන් වාස් කියලා කෙනෙක් නෑ. මේක සාමාන්‍ය හෘද සැත්කමක් නෙමෙයි. සියයට හැත්තෑවක් මාංශපේශී මැරිලා තිබුණේ. ඇත්තටම භයානක සැත්කමක්.

දුව ලංකාවට ආවේ නෑ. ඇයට තව විභාගයක් කරන්න තියෙනවා. මමත් ආවේ හදිසියේ. මම හිතුවේ නැහැ නෙල්සන්ට මෙච්චර අමාරුයි කියලා. මම නෙල්සන්ට හෘදයාබාධය හැදුණා කියලා කියපු ගමන්ම තමයි ලංකාටව ආවේ. මට එයාව දාලා යන්න බැහැ. පුංචි ළමයෙක් වගේ තමයි එයාව බලාගන්න වෙන්නේ. මගේ එකම බලාපොරොත්තුව එයාව ඉක්මණින් සනීප කරලා රසිකයන්ට භාරදෙන්න. හැකි විගස ස්ටේජ් එකේ සින්දු කියන්න යවන්නයි. නෙල්සන්ගේ බලාපොරොත්තුවත් ඒකයි.

මේ සිද්ධියෙන් පස්සේ අපිට කතා කළේ නොයෙල් රාජ්” රොෂාන්” ඇන්ටන්” රුවන් බණ්ඩාර. නොයෙල් රාජ් නිතර කතාබහ කළා. අතුල අධිකාරි, අර්නි එහෙමත් නෙල්සන්ව බලන්න ආවා.

මම හිතුවේ නැහැ නෙල්සන්ට කවදාවත් මේ වගේ දරුණු අසනීප තත්ත්වයක් ඇතිවේවි කියලා. නෙල්සන්ට පරණ යාළුවෝ කතා කළහම ගොඩක් සතුටු වුණා. නමුත් එයත් එක්ක ඒ කාලේ හිටපු අය මේ වෙලාවේ හිටියේ නෑ. ඒ ගැන එයාට දුකයි. මේක නෙල්සන්ගේ ජීවිතයට හොඳ පාඩමක්. කවුද ඇත්තටම ආදරේ. ඉස්සර ගැලැක්සීස් එකේ හිටපු චමින්ද විමලසේන මහත්මයා තමයි අරමුදල පිහිටුවලා අපිට සැත්කමට මුදල් හොයලා දුන්නේ. ඒ වගේම විශේෂඥ වෛද්‍ය දේව් යළි නෙල්සන්ට ජීවිතය දුන්නා.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment