චේතනාව පිරිසිදුයි – පොලිසිය දුරකථනය ආපසු දෙයි
කර්නාටක මැතිවරණය වෙනුවෙන් මයිසූර් හි රථ පෙළපාලියකට සහභාගි වෙමින් සිටි අගමැති නරේන්ද්‍ර මෝදිගේ රථය වෙත ජංගම දුරකථනයක් වීසි කිරීමේ සිද්ධියක් වාර්තා වේ. මෙය බරපතළ ආරක්ෂක බිඳවැටීමක් බව එරට මාධ්‍ය කියයි.
එහෙත් භාරතීය ජනතා පක්ෂයේ ආධාරකාරියක අගමැති දැකීමේ සතුට දරා ගැනීමට නොහැකිව දුරකථනය විසි කර ඇති බවත් ඇයට ‘දුෂ්ට චේතනාවක්’ නොතිබුණු බවත් පොලිසිය කියයි.
අගමැතිවරයා ගමන් කළ විවෘත වාහනයේ බොනට්ටුව මතට ජංගම දුරකථනය පතිත වීම අගමැතිවරයාගේ අවධානයට ලක්වූ අතර එය ඔහු සිය ආරක්ෂකයන්ට ඉඟි කළේය.
කෙසේ නමුත් අගමැති ආරක්ෂකයන් විසින් එම ජංගම දුරකථනය පසුව අදාළ කාන්තාව වෙත භාරදී ඇත. ඇයට නරක චේතනාවක් නොවූ නිසා එය භාරදුන් බව ඉන්දීය පොලිසිය කියයි.
චතුර පමුණුව