අනතුරින් පසු ලොරිය පලා ගිහින්
ත්‍රිකුණාමලය ප්‍රාදේශීය මාධ්‍යවේදී ප්‍රියාන් මලින්ද 17දා අලුයම 2 පමණ හබරණ 120 කණුව ප්‍රදේශයේ සිදු වූ මාරක රිය අනතුරකින් මියගොස් ඇති බව හබරණ පොලිසිය කියයි.
ප්‍රියන් මලින්ද ඇහැළියගොඩ සිට කන්තලේ දෙසට යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී අළුයම ලොරියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් පසු ලොරිය එම ස්ථානයෙන් පළා ගොස් ඇති බව රිය අනතුරු පිළිබඳ පරීක්ෂණ පවත්වන හබරණ පොලිසියේ නිලධාරීයකු සඳහන් කළේය. අනතුරට පත් ලොරියේ යැයි සැළකෙන කොටස් කිහිපයක් එම ස්ථානයේ තිබී හමුවි ඇති අතර එම කැබලි පොලිස් පරීක්ෂණ සඳහා යොදාගෙන ඇත. මිය යන විට 34 හැවිරිදි වියේ පසුවූ ප්‍රියාන් මලින්ද රූපවාහිනී සහ පුවත්පත් ප්‍රාදේශීය වාර්තාකරුවකු ලෙස කටයුතු කර ඇත.
දක්ෂතා රැසක් සතුවීම සහ රාජකාරිය වෙනුවෙන් ඇති කැපවීම නිසා ප්‍රියන් ඉක්මණින් මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධියට පත් වූ තරුණයකි. අනතුර සිදුකර පලාගිය ලොරිය සහ රියැදුරු අත්අඩංගුවට ගැනීම සඳහා හබරණ පොලිසියේ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජේ.ආර්.බි. ආරියරත්න මහතා ඇතුළු පොලිස් නිලධාරී කංඩායමක් පරීක්ෂණ පවත්වති.
ඇලහැර -නිශ්ශංක වෙලගෙදර සහ ත්‍රිකුණාමලය – සමන් මල්ලවාරච්චි