යාපනය බන්ධනාගාරයේ සිරකරුවකු බන්ධනාගාරයේ වහලය මතට නැගී ඉකුත් 27 සවස සිට උපවාසයක නිරත වෙමින් සිටී.
වයස අවුරුදු 41 පමණ වන සිරකරුවකු මෙසේ වහලය මත නැග උපවාසයක් ආරම්භ කරන ලද අතර අදාළ පුද්ගලයා සොරකම් කිරීම් සම්බන්ධයෙන් බන්ධනාගාරගත කොට ඇති අතර ඔහු මෙසේ උපවාසයේ නිරතව ඇත්තේ තමන් යාපනය බන්ධනාගාරයෙන් වෙනත් බන්ධනාගාරයක් වෙත මාරු කර යවන ලෙසට ඉල්ලමිනි.
මුලතිව් – ප්‍රසන්න ප්‍රදීප්