යාපනය රෝහලත් ජාතික රෝහලක් කරනවා – ජනපති කියයි

60

සින්නක්කර ඔප්පු 1286ක් ඊයේත් බෙදයි

උතුරු පළාත තුළ උසස් මට්ටමේ සෞඛ්‍ය සේවාවක් සහතික කිරීම සඳහා යාපනය රෝහල නුදුරේදීම ජාතික රෝහලක් බවට පත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. යාපනය සංචාරයක නිරතව සිටින ජනාධිපතිවරයා ඊයේ (24 දා) යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සායනික පුහුණු හා පර්යේෂණ අංශය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් මේ බව කියා සිටියේය.

යාපනය රෝහලත් ජාතික රෝහලක් කරනවා - ජනපති කියයි

‘උරුමය’ වැඩසටහන යටතේ යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15ම ආවරණය පරිදි සින්නක්කර ඔප්පු 1286ක් ජනපතිවරයා අතින් ජනතාව වෙත ලබාදීම ද ඊයේ සිදුවිය.

ඉදිරියේදී උතුරු පළාතට අයත් මුලතිව්, මන්නාරම, කිලිනොච්චිය, වවුනියාව යන දිස්ත්‍රික්කවලට අදාළව උරුමය වැඩසටහන යටතේ සින්නක්කර ඔප්පු 13858ක් ලබාදෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

යාපනය රෝහලත් ජාතික රෝහලක් කරනවා - ජනපති කියයි
ජනපති සුමන්තිරන්ට මොකද කීවේ…

යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉදිකළ සායනික පුහුණු හා පර්යේෂණ අංශ ගොඩනැඟිල්ල ඊයේ (24දා) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විවෘත කළ අවස්ථාව. ඇමැති ඩග්ලස් දේවානන්දා, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම්. ඒ. සුමන්තිරන්, උතුරු නැඟෙනහිර ආණ්ඩුකාර පී.එස්.එම්. චාර්ලිස්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග, වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය රාජේන්ද්‍ර සුරේන්ද්‍ර කුමාරන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

යාපනය රෝහලත් ජාතික රෝහලක් කරනවා - ජනපති කියයි
advertistmentadvertistment
advertistmentadvertistment