ඇමරිකා-බංග්ලාදේශ තරගාවලියේ ජය ඇමරිකාවට

379

බංග්ලාදේශය සමග පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ද ලකුණු 06 ක ජයග්‍රහණයක් වාර්තා කළ ඇමෙරිකා එක්සත් ජනපද කණ්ඩායම තවත් තරගයක් ඉතිරිව තිබිය දීම තරගාවලිය ජයග්‍රහණය කළේය. අමෙරිකානු කණ්ඩායම හමුවේ විස්සයි විස්ස ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි පළමු කණ්ඩායම් 10 අතර සිටින කණ්ඩායමක් තරගාවලියක් පරාජය වූ ප්‍රථම අවස්ථාව මෙය වේ.

දෙරට අතර ඊයේ පැවැති දෙවන තරගය ලකුණු 06කින් ජයගැනීමට ඇමරිකා කණ්ඩායම සමත් වූ අතර එම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් අමෙරිකාව ලකුණු 144ක් වාර්තා කළේය.

ජයග්‍රහණය හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 19.3ක් තුළ ලකුණු 138කට දැවී ගිය අතර නායක නජ්මුල් හුසෙයින් ශන්ටෝ ලකුණු 36කට සහ ශකිබ් අල් හසන් ලකුණු 30කට දැවී ගියහ.

ඇමෙරිකාව වෙනුවෙන් නායක මොනාක් පටේල් ලකුණු 42ක්, අරෝන් ජෝන්ස් ලකුණු 35ක් සහ ස්ටීවන් ටේලර් ලකුණු 31ක් ලබාගත්හ.

බංග්ලාදේශය වෙනුවෙන් පන්දු යැවීමේ දී ෂොරිෆුල් ඉස්ලාම්, මුස්ටෆිර් රහුමාන් සහ රිෂාඩ් හුසෙයින් කඩුලු දෙක බැගින් බිඳහෙළීමට සමත් වූහ.

ඇමරිකාව වෙනුවෙන් පන්දු යැවීමේ දී අලි ඛාන් කඩුලු 03ක් දවා ගැනීමට සමත් වූයේය.

advertistmentadvertistment
advertistmentadvertistment