පාස්කු ප‍්‍රහාර වන්දි නඩු මැයි 2ට පෙර ලිඛිත පිළිතුරු දේශන ගොනු කිරීමට මෛත‍්‍රීලාට නියෝග

108

පාස්කු ප‍්‍රහාරවලින් මියගිය හා බරපතළ තුවාල ලැබූ පිරිස වෙනුවෙන් වන්දි අයකර දෙන ලෙස ඉල්ලා ගොනුකර ඇති නඩු සම්බන්ධයෙන් ලබන මැයි 2 වැනිදා හෝ ඊට පෙර තම අධිකරණය හමුවේ ලිඛිත පිළිතුරු දේශන ගොනු කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් චතුරිකා සිල්වා මහත්මිය හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඇතුළු විත්තිකරුවන්ට ඊයේ (16 දා) නියෝග කළේය.

පාස්කු ප‍්‍රහාර මාලාව වළක්වා ගැනීමට පියවර නොගත් හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි අංශයේ ප‍්‍රධානියා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, යන විත්තිකරුවන්ගෙන් වන්දි අයකර දෙන ලෙස ඉල්ලා ගොනුකර තිබූ වන්දි නඩු 122ක් ඊයේ (16* කැඳවිණි.

ලිඛිත පිළිතුරු දේශන ඊයේ (16) දිනයේ දී ගොනු කිරීමට දින ලබා දී තිබූ නමුත් පෙර නිම කළ පරිදි ලිඛිත පිළිතුරු දේශන ගොනු කිරීමට විත්තිය අපොහොසත්වීම නිසා එලෙස අවසන් වරට අතිරේක දින ලබාදෙන ලදී.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment