සභානායක බිමල් රත්නායක
නව වැනි පාර්ලිමේන්තුවේ හිටපු කථානායක, නියෝජ්‍ය කථානායක සහ නියෝජ්‍ය කාරක සභා සභාපති සිදුකළ අධික වාහන භාවිතය සහ ඉන්ධන සඳහා වැය කළ රජයේ මුදල් සම්බන්ධයෙන් නීතිමය පියවර ගත හැකි නම් ඒ පිළිබඳ කල්පනා කර බලන්නේ යැයි සභානායක ඇමැති, බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (12දා) කීය.
ඒ අනුව හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා 2023 වසරේදී පාර්ලිමේන්තුවෙන් වාහන 08ක් සහ ඉන්ධන වෙනුවෙන් රුපියල් මිලියන 26ක් භාවිතා කර ඇතැයි ඔහු කීය. හිටපු කථානායක 2024 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලයේ දී වාහන 09ක් සහ මිලියන 33 ක් වියදම් කොට ඉන්ධන භාවිතා කර ඇතැයි ද සභානායකවරයා කියා සිටියේය.
එහිදී හිටපු නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා හිටපු කථානායකට සමගාමී කාලයේ 2023 දී වාහන 06ක් සහ මිලියන 14ක ඉන්ධන ද 2024 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලයේ දී වාහන 06ක් සහ මිලියන 13 ක් වියදම් කර ඉන්ධන ද භාවිතා කර ඇතැයි ද සභානායකවරයා සඳහන් කළේය.
හිටපු නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන් මහතා ද 2023 දී වාහන 04ක් සහ ඉන්ධන වෙනුවෙන් මිලියන 7.8ක් ද 2024 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලයේ දී වාහන 04ක් සහ මිලියන 7.2 ක් වියදම් කර ඉන්ධන ද භාවිතා කර ඇතැයි ද රත්නායක මහතා කීය.
ඔවුන් එසේ කටයුතු කරද්දී වත්මන් කථානායක ජගත් වික්‍රමරත්න, නියෝජ්‍ය කථානායක රිස්වි සාලි සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිනි ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මින් විසින් භාවිතා කර ඇති ඉන්ධන වියදම් ද සංසන්දනය කරමින් සභානායක විස්තර කියා සිටියේය.
ඒ අනුව වත්මන් කථානායක 2024 අවසන් මාස එකහමාරක කාලයක දී ඉන්ධන සඳහා රුපියල් 123000ක්ද, නියෝජ්‍ය කථානායක රුපියල් 45000ක් සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිනි රුපියල් 18000ක්ද වැය කර ඇතැයි ඔහු කීය. 2025 ජනවාරි මසදී වත්මන් කථානායක ඉන්ධන සඳහා රුපියල් 218000ක්, නියෝජ්‍ය කථානායක රුපියල් 23000ක් සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිනි රුපියල් 81000ක් ද පසුගිය පෙබරවාරි මාසයේදී කථානායක රුපියල් 123000 ක්ද නියෝජ්‍ය කථානායක රුපියල් 25000ක් ද වශයෙන් ඉන්ධන සඳහා මුදල් භාවිතා කර ඇතැයි ද බිමල් රත්නායක මහතා කීය.
මෙම මුදල් පිළිබඳ විස්තරය පාර්ලිමේන්තුවේ මූල්‍ය අධ්‍යක්ෂ සරත් කුමාර මහතා විසින් සහතික කර ඇතැයි ද රත්නායක මහතා සඳහන් කළේය.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන