යුගයක් බැබළ වූ සිනමා නිළි කාන්ති ගුණතුංග අභාවප්‍රාප්ත වෙයි

352

එක් යුගයක මෙරට සිනමාව බැබළ වූ ජනකාන්ත නිළියක වූ කාන්ති ගුණතුංග මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත. ‘සූරයා’, ‘වන මෝහිණී’, ‘සංදේශය’ ඇතුළු චිත්‍රපට රැසක රංගනයට දායක වූ කාන්ති ගුණතුංග නවසීලන්තයේ පදිංචිව සිටියාය. ඇය මියයන විට 86 වන වියෙහි පසු වූවාය.

1956 එවක තිබූ ‘ටයිම්ස්’ ආයතනය පළ කළ ලංකාදීප පත්‍රය මෙහෙය වූ පංච කල්‍යාණි තරගයේ පංච කල්‍යාණිය ලෙස ජය ලැබූ කාන්ති ගුණතුංග, සුරංගනී, දොස්තර, දුප්පතාගේ දුක, සූරසේන, වන මෝහිනී, සංදේශය ආදී සිනමා පට රැසක චරිත නිරූපණය කළාය.

නවසීලන්තයේ පුද්ගලික රෝහලකදී ඇය අභාවප්‍රාප්ත වී ඇත.

කමල් බෝගොඩ


advertistmentadvertistment