කළුතර ලැගුම්හලක පස් මහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී පාසල් සිසුවියක් මරණයට පත්වීම:සැකකරුවෝ නැවත රක්ෂිත බන්ධනාගාරයට

113

කළුතර ලැගුම්හලක පස්මහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී මිය ගිය 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්දයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින සැකකරුවන් හතර දෙනා කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

මෙසේ අධිකරණයට ඉදිරිපත් කෙරුණේ ගොඩනැගිල්ලෙන් ඇද වැටෙන මොහොතේ ඇය සමග කාමරයේ සිටී බව කියන ප්‍රධාන සැකකරු, ඇය හෝටලයට කැටුව ගිය බව කියන දෙවන සැකකරු වන කළුතර උතුර ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයා, තුන්වන සැකකරු වන කළුතර නාගොඩ ප්‍රදේශයේ පදිංචි 19 හැව්රිදි තරුණිය සහ ප්‍රධාන සැකකරුගේ මෝටර් රථය පදවාගෙන ගිය බව කියන 4 වන සැකකරු වන බේරුවල වලතර ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයකුය. මෙසේ අධිකරණයට ඉදිරිපත් කර ඇති සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාර කරන ලදී.

ගල්පාත – චන්දන පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment