යූනියන් ඇෂුවරන්ස් වර්ෂාවසාන සුහද හමුව උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ

76

යූනියන් ඇෂුවරන්ස් සමාගමේ කාර්ය මණ්ඩලය වෙනුවෙන් සංවිධානය කළ වර්ෂාවසාන සුහද හමුව ‘Shine Like a Diamond’ යන තේමාව යටතේ පසුගියදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

මෙහිදී අදහස් දැක්වූ යූනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජූඩ් ගෝම්ස් මහතා, මේ දක්වා සමාගමේ සාර්ථකත්වය වෙනුවෙන් කාර්ය මණ්ඩලය ලබාදුන් සුවිශාල දායකත්වය බෙහෙවින් අගය කළේ ය. ඔහු පෙන්වා දුන්නේ, අතිශය අභියෝගකාරී වසරක් වූ පසුගිය වසර තුළ පවා ශක්තිමත්ව ඉදිරියට යාමට සමාගමට හැකි වූයේ එම දායකත්වය නිසා බවයි. මෙම උත්සවයට‘Shine Like a Diamond’ යන තේමාව තෝරාගෙන ඇත්තේද එම දිදුලන මෙහෙවර සංකේතවත් කිරීමක් වශයෙනි.

“සුවිශේෂී සන්ධිස්ථාන රාශියක් පසුකරමින් ජයග්‍රාහී මාවතේ ඉදිරියටම යෑමට අපගේ කාර්ය මණ්ඩලය අපට දැවැන්ත ශක්තියක් වී තිබෙනවා. ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව මා බෙහෙවින් ආඩම්බර වන අතරම එය මා දිරිගන්වනසුලුයි.” ජූඩ් ගෝම්ස් මහතා වැඩිදුරටත් පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment