යෝජිත නව ධීවර පනතට විරෝධය

419

යෝජිත 2023නව ධීවර පනත මගින් ධීවරයා ධීවර කර්මාන්තයෙන් ඉවත් කිරීමට සැළසුම් සකස් කර ඇතැයි ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ජාතික කැදවුම්කරු හර්මන් කුමාර මහතා පවසයි. මෙම පනත මගින් සම්පූර්ණ බලය හිමි වන්නේ ධීවර අධ්‍යක්ෂකවරයාට බවත් ඒ මහතා සඳහන් කරයි. එබැවින් 2014 වසරේදී සම්මත කරගත් සුළුපන්න ධීවරයින්ගේ ජාත්‍යන්තර මග පෙන්වීම් මාලාව මත පදනම්ව සකස් කරන ලද ජාතික ධීවර ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා සියලු ධීවර සංවිධාන එක්ව හඩක් නැගිය යුතු යැයිද ඒ මහතා ඉල්ලා සිටියි.හර්මන් කුමාර මහතා මෙම ඉල්ලීම කරනු ලැබුවේ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.ධීවර කර්මාන්තයේ යෙදෙන පිරිස අතර සුළුපන්න ධීවර ප්‍රජාව සියයට 75ක් බවත් ඔවුන් පවුල් ලෙස ගත්විට ලක්ෂ 08කට වැඩි බවත් කීවේය. යෝජිත නව ධීවර පනත ක්‍රියාත්මක වුවහොත් ධීවරයා ධීවර අධ්‍යක්ෂවරයාගේ වහල් පිරිසක් බවට පත්බවන බවත් ධීවරයා මුහුදු යන වෙලාව සහ එන වෙලාව තීරණය කරන්නේද ධීවර අධ්‍යක්ෂවරයා බවද හර්මන් කුමාර මහතා සදහන් කළේය.මෙම මස 21 වැනිදාට යෙදෙන ජගත් ධීවර දිනයේදී දේශපාලන බේදයකින් තොරව සියලු ධීවර ප්‍රජාව මේ වෙනුවෙන් හඩක් නැගිය යුතු බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. මෙම මාධ්‍ය හමුවේදී ධීවර සංවිධාන නියෝජිතයෝ කිහිප දෙනෙක් ද අදහස් දැක්වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment