යෝධ ඇළට වැටුණු රථය අත්තක රැඳෙයි

507

ජීවිත 4ක් නූලෙන් බේරෙයි

ඇලහැර බකමූණ ප්‍රධාන මාර්ගයේ ඔරුබැඳි සියඹලාව මින්නේරි දේවාලය ආසන්නයේ මෝටර් රථයක් පෙරේදා (13 දා) සවස මාර්ගයෙන් ඉවතට පැන යෝධ ඇළට පෙරළී යෑමෙන් කාන්තාවන් දෙදෙනකු සහ අවුරුදු 1 මාස 4 පමණ වයසැති සිඟිති දරුවා බකමූණ රෝහලට අතුළත් කර ඇත. බකමූණ සිට ඇලහැර ප්‍රදේශයට ධාවනය වූ මෝටර් රථයේ අනතුර සිදුවෙන අවස්ථාවේ දී පිරිමියකු, කාන්තාවන් දෙදෙනෙකු හා අවුරුදු 1 මාස 4 ක් පමණ වයසති දරුවකු සිට ඇති බව බකමූණ පොලිසිය කියයි. මොටර් රථ රියදුරුට නින්ද යෑම නිසා අනතුර වී ඇති බව විමර්ශනවලදී හෙළිවී ඇත.

මොටර් රථය ඇළට පෙරළුණු පසු කරඳ අත්තක රැඳීම නිසා ජීවිත 4 බේරී තිබුණි.

මෝටර් රථය යෝධ ඇළට පෙරළුණු පසු රියැදුරු වන කුඩා දරුවාගේ සීයා මොටර් රථයෙන් එළියට පැන මොටර් රථය තුළ සිටි සිඟිති දරුවා ගොඩට ගෙන තමන්ගේ බිරිඳට මෙගොඩට එන්න උපදෙස් දී දියණියට ද අත්තක එල්ලෙන ලෙස පවසා ඇත. මෙම අවස්ථාවේ අවට ගම්වැසියන් පැමිණ තරුණ කාන්තාව ගොඩට ගෙන තිබේ. බකමූණ පොලිසියේ නිලධාරීන් සහ ගම්වැසියන් එක්ව මොටර් රථය ඇළෙන් ගොඩට ගෙන තිබුණි.

රිය අනතුරුට ලක්වී ඇත්තේ එකම පවුලේ සැමියා, බිරිඳ, දුව සහ මිණිබිරිය බව ද රිය අනතුර පිළිබඳ පරීක්ෂණ පවත්වන පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. කාන්තාවන් දෙදෙනාට සුළු තුවාල සිදුව ඇත. කුඩා දැරියට තුවාල සිදුව නැතත් පරීක්‍ෂා කිරීම සඳහා රෝහල්ගත කර තිබේ. බකමූණ පොලිසියේ පොලිස් සැරයන් (62583) බණ්ඩාර, පොලිස් කොස්තාපල් (87460) රාජපක්ෂ යන මහත්වරු රිය අනතුර පිළිබඳ පරීක්ෂණ පවත්වති.

ඇලහැර බකමූණ ප්‍රධාන මාර්ගයේ ඔරුබැඳි සියඹලාව මින්නේරි දේවාලය ආසන්නයේ මෝටර් රථයක් පෙරේදා (13 දා) සවස මාර්ගයෙන් ඉවතට පැන යෝධ ඇළට පෙරළී යෑමෙන් කාන්තාවන් දෙදෙනකු සහ අවුරුදු 1 මාස 4 පමණ වයසැති සිඟිති දරුවා බකමූණ රෝහලට අතුළත් කර ඇත.

බකමූණ සිට ඇලහැර ප්‍රදේශයට ධාවනය වූ මෝටර් රථයේ අනතුර සිදුවෙන අවස්ථාවේ දී පිරිමියකු, කාන්තාවන් දෙදෙනෙකු හා අවුරුදු 1 මාස 4 ක් පමණ වයසති දරුවකු සිට ඇති බව බකමූණ පොලිසිය කියයි. මොටර් රථ රියදුරුට නින්ද යෑම නිසා අනතුර වී ඇති බව විමර්ශනවලදී හෙළිවී ඇත.

මොටර් රථය ඇළට පෙරළුණු පසු කරඳ අත්තක රැඳීම නිසා ජීවිත 4 බේරී තිබුණි.

මෝටර් රථය යෝධ ඇළට පෙරළුණු පසු රියැදුරු වන කුඩා දරුවාගේ සීයා මොටර් රථයෙන් එළියට පැන මොටර් රථය තුළ සිටි සිඟිති දරුවා ගොඩට ගෙන තමන්ගේ බිරිඳට මෙගොඩට එන්න උපදෙස් දී දියණියට ද අත්තක එල්ලෙන ලෙස පවසා ඇත.

මෙම අවස්ථාවේ අවට ගම්වැසියන් පැමිණ තරුණ කාන්තාව ගොඩට ගෙන තිබේ. බකමූණ පොලිසියේ නිලධාරීන් සහ ගම්වැසියන් එක්ව මොටර් රථය ඇළෙන් ගොඩට ගෙන තිබුණි.

රිය අනතුරුට ලක්වී ඇත්තේ එකම පවුලේ සැමියා, බිරිඳ, දුව සහ මිණිබිරිය බව ද රිය අනතුර පිළිබඳ පරීක්ෂණ පවත්වන පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. කාන්තාවන් දෙදෙනාට සුළු තුවාල සිදුව ඇත. කුඩා දැරියට තුවාල සිදුව නැතත් පරීක්‍ෂා කිරීම සඳහා රෝහල්ගත කර තිබේ.

බකමූණ පොලිසියේ පොලිස් සැරයන් (62583) බණ්ඩාර, පොලිස් කොස්තාපල් (87460) රාජපක්ෂ යන මහත්වරු රිය අනතුර පිළිබඳ පරීක්ෂණ පවත්වති.

ඇලහැර – නිශ්ශංක වෙලගෙදර

advertistmentadvertistment
advertistmentadvertistment