අඛණ්ඩව විදුලිය නැත්නම් රෝහල් – ලැබ් වහන්න  අවසර දෙන්න – රවි කුමුදේෂ්

88

අධි තාක්ෂණික උපකරණ ඇති රසායනාගාර සහ රෝහල් පවත්වාගෙන යෑමට අඛණ්ඩව විදුලිය සැපයීමට නොහැකි වන්නේ නම් එම ස්ථාන නිෂ්චිත කාලසීමාවකට වසා දැමීමට රජය අවසර ලබාදිය යුතු යැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්්ගේ විද්වත් සංගමයේ කැඳවුම්කරු රවි කුමුදේෂ් මහතා ‘දිවයින’ට ඊයේ (25 දා) ප‍්‍රකාශ කළේය.

අදාළ ස්ථානයන්හි ඇති අධි තාක්‍ෂණික උපකරණ ස්ථාවර තත්ත්වයන් යටතේ පවත්වාගෙන යා යුතු බවත් ඒවාට විදුලිය බිඳවැටීම මගින් විටින් විට බාධා පැමිණියහොත් විශාල ලෙස මුදල් අපතේ යෑම් සිදුවිය හැකි බවත් හෙතෙම සඳහන් කළේය.

පැය දෙකක පමණ විදුලි විසන්ධිවීමක් සිදුවූ අවස්ථාවක රසායනාගාරවල සහ ප‍්‍රධාන රෝහල් පද්ධතීන්වල ඇති අධිතාක්‍ෂණික උපකරණ නැවත කි‍්‍රයාත්මක තත්ත්වයට ගෙන ඒමට පැය හයක පමණ කාලයක් වැයවන බවත් ඇතැම් අවස්ථාවල එම තාක්‍ෂණික උපකරණ තුළ පවතින දත්ත ගබඩාවන්ට ද හානි පැමිණීමට ඉඩ පවතින බවත් ඒ මහතා පැවසීය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment