රට පුරා එකම මොහොතක නෙල්සන් මැන්ඩලා ප්‍රදර්ශනය කරයි

277


ශ්‍රී ලාංකේය ජන සමාජයේ සියළු ජාතීන් හා සංස්කෘතීන් අතර සාමය සංහිඳියාව සහ සහෝදරත්වය තහවුරු කිරීම සඳහා අධිකරණල බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති අචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව දිස්ත්‍රික් පළාත් හා ප්‍රාදේශිය මට්ටමින් සෑම පළාත් ලේකම් කාර්යාලයකම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකම ප්‍රාදේශිය ලේකම් කාර්යාලකයම එකම දින එකම වේලාවක සංස්කෘතික සංහිඳියාව ජනගත කෙරෙන විශ්ව සම්භාව්‍ය සිනමා කෘතියක් ප්‍රදර්ශණය කිරීමට පියවර ගෙන ඇත.
එහි සමාරම්භක වැඩ සටහන මෙම මස 15 වැනිදා දින පෙරවරු 9.30 ට අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. කළු- සුදු වාර්ගික ගැටුම් සමනය කළ දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා මහතාගේ සමාජ දර්ශනය අළලා නිර්මාණය කර ඇති ඉන්වික්ටස්( INVICTUS) චිත්‍රපටය එදින ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා ඇතැයි අධිකරණබන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment