රට බංකොලාත්භාවයෙන් මුදාගෙන තරුණ තරුණියන්ගේ රැකියා ප්‍රශ්නය විසඳනවා – ජනපති රනිල් වික්‍රමසිංහ කියයි

19

මෙම වසර තුළ රට බංකොලොත්භාවයෙන් මුදවා ගැනීමෙන් අනතුරුව රැකියා විරහිත තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදීමේ වැඩසටහන ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ ජාතික තරුණ සේවා සභාව මඟින් උතුරු පළාත කේන්ද්‍ර කරගෙන පසුගියදා සංවිධානය කර තිබූ තරුණ සමුළුවට එක්වෙමිනි.

විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන උතුරු පළාතේ තරුණ තරුණියන් විශාල පිරිසක් මෙම හමුව සඳහා එක්ව සිටි අතර, ඔවුන්ගේ ප්‍රශ්න ඍජුවම ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට ද මෙහිදී අවස්ථාව සලසා දී තිබිණි.

රට බංකොලාත්භාවයෙන් මුදාගෙන තරුණ තරුණියන්ගේ රැකියා ප්‍රශ්නය විසඳනවා - ජනපති රනිල් වික්‍රමසිංහ කියයි

එම සියලු ප්‍රශ්නවලට සාධනීය පිළිතුරු ලබාදීමට කටයුතු කළ ජනාධිපතිවරයා තරුණ තරුණියන් සමඟ සුහද කථා බහකට ද එක් විය.

advertistmentadvertistment
advertistmentadvertistment