කුකුළේ ගඟ වාන් දොරටු දෙකක් ඉබේම ඇරිලා

246

ඊයේ (01දා) උදෑසන කුකුලේ ගඟ ජලාශයේ වාන්දොරටු දෙකක් අනපේක්ෂිත ලෙස ස්වයංක්‍රීයව විවෘත වී ඇති අතර පසුව වාන් දොරටු සම්පූර්ණයෙන් වසා දමා තිබේ. මේ නිසා කුකුළේගඟේ ජල මට්ටම අනපේක්ෂිතව ඉහළ යා හැකි බැවින් පහළ ප්‍රදේශවල ජනතාවට අවධානයෙන් සිටින ලෙස ප්‍රාදේශීය ලේකම්වරයා විසින් දැනුම් දී තිබේ. කුකුළේ ගඟේ දිය නෑමෙන් වළකින ලෙසද, පහත් මට්ටමේ පවතින කුඹුරුවල ගොවිතැන් කටයුතුවලින් ඉවත් වන ලෙසද බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් දැනුම් දී තිබේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි කුකුලේ ගඟ ජලාශයේ වාන් දොරටු කාර්මික දෝෂයක් හේතුවෙන් ස්වයංක්‍රීයව විවෘත වීමෙන් අයගම කොටසක ද, බුලත්සිංහල සහ පාලින්දනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පහත් බ්ම්වල ද ක්ෂණික ගංවතුර තතත්වයක් ඇතිවීමට ඉඩ ඇති බැවින් අවධානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ කමිටුව දන්වයි. කුකුලේ ගඟ ජලාශයේ වාන්දොරටු සියල්ල වසා තත්ත්වය පාලනය කර ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

කහවත්ත – සමරවීර නිරෝෂණ, පාලින්දනුවර – නන්දන ශ්‍රී කොට්ටෙගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment