රතුපස්වල තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න – තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නීතිපතිට ලියයි

96

පිරිසිදු පානීය ජලය ඉල්ලා සිදු කළ උද්ඝෝෂණය නිමාකර යමින් සිටි නිරායුධ රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි තැබීමේ සිද්ධියේ විශ්‍රාමික යුද හමුදා මේජර් ජනරාල්වරයා ඇතුළු යුද හමුදා සාමාජිකයන් නිදොස් කොට නිදහස් කරමින් ගම්පහ විශේෂ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ලබාදුන් තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනාවක් ගොනු කරන ලෙස තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නීතිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කළේය.

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය වෙනුවෙන් එහි සභාපති තරිඳු ජයවර්ධන මහතා නීතිපති සංජේ රාජරත්නම් මහතාගෙන් එම ඉල්ලීම කළේය. නිරායුධ සිවිල් වැසියන් තිදෙනකු මරණයට පත්කර තවත් 50 දෙනෙකුට ආසන්න පිරිසකට තුවාල සිදු කළ රතුපස්වල වෙඩි තැබීම උතුරේ සිවිල් යුද්ධයෙන් පසු සාමකාමී විරෝධතාවයකට ආරක්ෂක අංශ යොදා ගනිමින් කළ ප්‍රහාරයට සමාන බවත් තරිඳු ජයවර්ධන මහතා නීතිපතිවරයාට ලියා තිබේ. එලෙස වෙඩි තැබීමට අණ දුන් හා වෙඩි තැබීම සිදු කළ පිරිස නීතියෙන් ගැලවීම යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ගැන වින්දිතයන් සහ සමස්ත පුරවැසියන් තුළ බලවත් සැකයක් මතු කරන්නේ යැයිද හෙතෙම එමඟින් නීතිපතිවරයාට කියා තිබේ. පසුගිය මැයි 17 වැනිදා ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල එම හමුදා නිලධාරීන් සිව්දෙනා සියලුම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment