පාරිභෝගික නිලධාරිහු කඳුළු වැවක

90

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරින්ගේ වෘත්තීය ගැටලු සඳහා විසඳුම් නොලැබීම නිසා ඔවුන් දැඩි කලකිරීමට පත්ව ඇති බව අධිකාරියේ විමර්ශන නිලධාරිහු පවසති.

විමර්ශන නිලධාරින්ගේ ජ්‍යෙෂ්ඨත්වය පිළිබඳ ගැටලු, විමර්ශන නිලධාරියකු ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරි ලෙස පත්වූ විට ඔහුගේ වැටුප අඩුවීම, ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරියකුට සහකාර අධ්‍යක්ෂ තනතුරට පත්වීමට වසර 20ක් බලා සිටීමට සිදුවීම, සහකාර අධ්‍යක්ෂ තනතුරට අදාළ පහසුකම් කිසිවක් නොමැති වීම, වැඩි කළ සංයුක්ත දීමනාව නොලැබීම ආදී වෘත්තීය ගැටලු නිසා පරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරීන් දැඩි කලකිරීමට පත්ව සිටින බව ද ඔවුහු පෙන්වා දෙති.

සාමාන්‍ය විමර්ශන නිලධාරීන් දිස්ත්‍රික්ක තුන හතරක් පසුකර රාජකාරි කටයුතු සඳහා වාර්තා කළ ද ඔවුන්ට වාර ප්‍රවේශ පත්‍රයක්, නේවාසික පහසුකම් මෙන්ම කිසිදු පහසුකමක් නොමැති බවද විමර්ශන නිලධාරීහු පවසති.

මුළු දිවයිනටම සේවය කිරීමට ඇත්තේ විමර්ශන නිලධාරින් 270කට ආසන්න පිරිසක් බවත් මෙම වෘත්තිය ගැටලු නිසා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරින් දැඩි කලකිරීමට පත්ව ඉල්ලා අස්වීමේ ප්‍රවණතාවයක් දක්නට ඇති බවත් විමර්ශන නිලධාරීහු පවසති.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment