රනිල් ෆොන්සේකා ගෙන් වැඩ ගන්න හදයි

1416

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා හමුදාවේ දී මෙන්ම සිවිල් ජීවිතයේ අභියෝග රැසකට ද මුහුණ දීමට සිදු වූ බවත් එහිදී ඔහු තනි වූ අවස්ථාවේ සහ බන්ධනාගාරගත වූ අවස්ථාවේ තවත් ශක්තිමත් චරිතයක් බවට පත් වී යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඉන් පසුව යහපාලන රජය යටතේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කර එතුමාට ෆීල්ඩ් මාර්ෂල් තනතුර පිරිනැමීමට තීරණය කළ බවත් එතුමා සුදුස්සෙක් ලෙස එය බාර ගනු ලැබූ බවත් ජනාධිපතිවරයා සදහන් කළේය.සරත් ෆොන්සේකා මහතාගේ අත්දැකීම් සහ හැකියාවන්ගෙන් ප්‍රයෝජන ගැනීමට අපට ආණ්ඩුවක් ලෙස අවස්ථාව ලැබුණා. එතුමා සටන්කාමී චරිතයක්. යුද පිටියේ වුවත් දේශපාලනයේ වුවත් එතුමා සටන අතහරින්නේ නැහැ. එතුමාට තවදුරටත් මේ රටට සේවය කිරීමට හැකියාව තිබෙනවා. එතුමාගේ සේවය අපට ලබාගත හැකියි. Old soldiers never die, they simply fade away. In this instance he wont fade away either, so he is still there. ඒ අනුව අනාගතයේ දී එතුමාගෙන් ගත හැකි සේවය රටට ලබා ගැනීමට අවස්ථාව ලැබෙයි කියා මා බලාපොරොත්තු වෙනවා යැයි ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළේය.ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ කොළඹ නෙළුම් පොකුණ ශ්‍රවණාගාරයේදී පැවති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් රචිත ‘යුද හමුදාපති ජාතියට දුන් පොරොන්දුව මම මේ යුද්ධය ඊළග හමුදාපතිට ඉතිරි නොකරමි’ කෘතිය ජනගත කිරීමේ උළෙලට සහභාගී වෙමිනි.

advertistmentadvertistment
advertistmentadvertistment