රඳවා ගැනීමේ බද්ද කපන්න එපා කියා ස්වයං ප්‍රකාශනය දිය හැකි අවසන් දිනයක් නම් කර නෑ

42

පොලී මත රඳවා ගැනීමේ බද්දට යටත් වන නමුත් බදු අය කළ හැකි ආදායමක් නොමැති පුද්ගලයින් විසින් බැංකු හා මූල්‍ය ආයතන වෙත ස්වයං ප්‍රකාශනය භාරදීමේ අවසාන දිනය 2025 අප්‍රේල් 30 බවට ව්‍යාජ ප්‍රකාශයක් සංසරණය වෙමින් පවතින බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

එහෙත් ස්වයං ප්‍රකාශනය භාරදීමේ අවසාන දිනයක් නියම කර නොමැති බව ද එම දෙපාර්තමේන්තුව මහජනයාට දැනුම් දෙයි.

අදාළ තැන්පතු සඳහා පොලී ගෙවීම් ලැබීමට පෙර එම ප්‍රකාශය ඉදිරිපත් කළ යුතු බවත් මෙම ප්‍රකාශය ඉදිරිපත් කිරීම සඳහා බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකයක් (ටින් අංකය) අවශ්‍ය නොවන බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තවදුරටත් සඳහන් කරයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත


advertistmentadvertistment