රබර් කිරි බවුසරය පෙරළී 02ක් මරුට

186

බදුරළිය කලවාන මාර්ගයේ කොඩිප්පිලිකන්ද සමන් දේවාලය ආසන්නයේදී ඊයේ රාත්‍රී දොළහට පමණ කලවාන දෙස සිට බදුරළිය දක්වා ගමන් ගත් රබර් කිරි රැගත් මෙම බවුසර් රථය අඩි තිහක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් බවුසරයේ සිටි පුද්ගලයින් තුන් දෙනෙකුගෙන් දෙදෙනෙකු මිය ගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ බුලත්සිංහල ප්‍රදේශයේ රබර් කිරි කර්මාන්ත ශාලාවකට අයත් සේවකයින් දෙදෙනෙකු බවත් ඔවුන් බුලත්සිංහල හා රඹුක්කන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.එහි ගමන් ගත් අනිත් පුද්ගලයා තුවාල ලබා කලවාන රෝහලට ඇතුළත් කර තිබේ.

අධික බෑවුම් සහිත මෙම ප්‍රදේශයේ මෙම බවුසර් රථය පාලනය කර ගත නොහැකිව ලිස්සා යාම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇතැයි කලවාන පොලිසිය ප්‍රකාශ කරයි.


advertistmentadvertistment