වැරදි කළ රියැදුරෝ 125ක් සීසීටීවීයට කොටුවෙති 31දා සිට දඩ

104

සීසීටීවී කැමරා මගින් රථවාහන වැරදි හඳුනා ගැනීමේ වැඩපිළිවෙළ ආරම්භ කිරීමෙන් පසුව පෙරේදා (22 දා) දිනයේ පමණක් එවැනි වැරදි කළ රියැදුරන් 125 දෙනෙක් හඳුනාගෙන ඇත.

මූලික අදියර යටතේ මෙම වැරදි කළ රියැදුරන්ට අවවාද කිරීමට කටයුතු කළ බවද පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පැවසීය.

සීසීටීවී කැමරා පද්ධතිය යටතේ රථවාහන වැරදි කරන රියැදුරන් හඳුනාගෙන ඔවුන්ට දඩපත් නිකුත් කිරීම ලබන 31 වැනිදායින් පසුව ආරම්භ කරන බවද පොලිස් මූලස්ථානය පවසයි.

කොළඹ නගරය තුළ සවිකර ඇති සීසීටීවී කැමරා පද්ධතිය හරහා රථවාහන වැරදි කරන පුද්ගලයන් හඳුනාගෙන ඔවුන්ගේ නිවෙස්වලටම දඩපත් යැවීමේ වැඩපිළිවෙළ පොලිස් රථවාහන අංශය මගින් පෙරේදා (22දා) සිට ආරම්භ කරන ලදී.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment