රාජකීය කණ්ඩායම ශාන්ත තෝමස්ට වඩා ලකුණු 63 ක් පිටුපසින්

351

145 වැනි නිල් මහා සටන

නායක සිනෙත් ලකුණු 92 යි
අශේන් පෙරේරා කඩුලු‍ 4 යි

කොළඹ රාජකීය විදුහල සහ ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන 145 වැනි නිල් මහා සටන ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (08 වැනිදා) දිනය නිමාවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන කොළඹ රාජකීය විදුහල් කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 234 ක් රැස්කරගෙන සිටියේය.

ඒ අනුව රාජකීය කණ්ඩායම ශාන්ත තෝමස් කණ්ඩායමේ පළමු ඉනිමට වඩා ලකුණු 63 ක් පිටුපසින් සිටින අතර කඩුලු තුනක් අතැතිව සිටී. තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශාන්ත තෝමස් කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 297 ක් ලැබීය.

ඊයේ දිනය සඳහා තරගය ආරම්භ කළ රාජකීය කණ්ඩායමේ පළමු කඩුලු දෙක එක් ලකුණක් තුළ දවා ගැනීමට ශාන්ත තෝමස් ආරම්භක පන්දු යවන්නන් සමත් වූ අතර ඒ සමග දැඩි පීඩනයකට ලක්වීමට රාජකීය ක්‍රීඩකයන්ට සිදුවිය.

එහි දී ආරම්භක පිතිකරු ඉසුල ගීගනගේ ලකුණු නොලබාම දැවී ගිය අතර රෙහාන් පීරිස් එක් ලකුණක් පමණක් ලබා දැවී ගියේය.

අනතුරුව පිටියට පිවිසෙමින් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ සිනෙත් ජයවර්ධන පන්දු 172 කදී ලකුණු 92 ක් ලබා තම කණ්ඩායම වැටීමට ගිය අගාධයෙන් ගලවා ගත්තේය.

සිනෙත්ගේ ඉනිමට හතරේ පහර 13ක් ඇතුළත් වූ අතර ඔහු සහ ඔවින අඹන්පොල දෙදෙනා තුන්වෙනි කඩුල්ල සඳහා ලකුණු 125 ක සම්බන්ධතාවයක් ගොඩ නැගූහ.

රාජකීය කණ්ඩායම ශාන්ත තෝමස්ට වඩා ලකුණු 63 ක් පිටුපසින්

පන්දු 295 ක් පුරා ඇදී ගිය එම තෙවැනි කඩුල්ලේ සම්බන්ධතාවය බිඳී ගියේ ඔවින අඹන්පොල ලකුණු 36ක් ලබා සිටියදී අශේන් පෙරේරා ගේ පන්දුවක් හමුවේ දැවී යෑමෙනි.

අඹන්පොලගේ ඉනිමට හතරේ පහර 5ක් ඇතුළත් වූ අතර ඔහු පන්දු 160 ක් පුරා කඩුල්ලේ රැඳී සිටියේය.

තෙවැනි කඩුල්ල ලකුණු 127 දී දැවී යෑමෙන් අනතුරුව රාජකීය කණ්ඩායමේ සිව්වැනි කඩුල්ල ද ලකුණු 130 දී බිඳ වැටුණි.

එහෙත් තම අන්තය ආරක්ෂා කරගෙන කඩුල්ලේ රැඳී සිටි සිනෙත් ගේ ඉනිම ද 6 වෙනි කඩුල්ල ලෙස ලකුණු 164 දී නිමා වීමත් සමග නැවතත් ශාන්ත තෝමස් ක්‍රීඩකයෝ තරඟයට අවතීර්ණ වූහ.

එහෙත් රාජකීය කණ්ඩායමේ 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 68 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට නෙත්වින් ධර්මරත්න සහ දිනුර සේනාරත්න සමත් වූහ.

ශාන්ත තෝමස් කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී විශිෂ්ට දස්කම් දැක්වූ අශේන් පෙරේරා කඩුලු 4 ක් දවා ගත් අතර ඩේරියන් ඩියෙගෝ කඩුලු දෙකක් දවා ගත් හ.

ලකුණු සාරාංශය

ශාන්ත තෝමස් කණ්ඩායම 297/10(88.2)

මහිත් පෙරේරා 36, සදෙව් සොයිසා 83, දිනෙත් ගුණවර්ධන 50, නේතන් කල්දේරා 44

පන්දු යැවීම

රනුක මලවිආරච්චි 16-55-1, දිනුර සේනාරත්න 11-33-0, බුලන් වීරතුංග 13-50-0, රමිඳු පෙරේරා 13.2-55-4, සිනෙත් ජයවර්ධන 25-68-4, යසිදු දිසානායක 4-12-0, නෙත්වින් ධර්මරත්න 6-15-1

රාජකීය කණ්ඩායම 234/7(86)

රෙහාන් පීරිස් 01, ඉසුල ගිගනගේ00, සිනෙත් ජයවර්ධන 92, ඔවින අඹන්පොල 36, යසිඳු දිසානායක 01, රමිරු පෙරේරා 23, නෙත්වින් ධර්මරත්න නොදැවී 29, බුලන් වීරතුංග නොදැවී 01, දිනුර සේනාරත්න 33,

පන්දු යැවීම

ආකාශ් ප්‍රනාන්දු 7-30-1, අශේන් පෙරේරා 26-52-4, ඩේරියන් ඩියේගෝ 19-35-2,

දිනෙත් ගුණවර්ධන 2-14-0 මහිත් පෙරේරා 1-10-0, නේතන් කල්දේරා 14-37-0, කමිඳු ඩයස් 8-22-0 අභීත් පරණවිතාන 9-22-0

advertistmentadvertistment
advertistmentadvertistment