රැට්ටාට  රට ගමන් තහනම්

135

අරගලයේ ප්‍රධාන ක්‍රියාකාරිකයකු වන රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා ඇතුළු තිදෙනකුට විදේශ ගමන් තහනම් කරමින් කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (01 දා) නියෝගයක් නිකුත් කළේය.

එම නියෝගය වහාම ආගමන විගමන පාලකවරයා ඇතුළු ගුවන්තොටුපළ බලධාරීන් වෙත යැවීමට ද මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.

අරගලයේ නිරතව සිටි පිරිසක් අරගලය ආරම්භ කළ වකවානුවේ සිටම ගාලුමුවදොර පිටිය ආසන්නයේ පිහිටි තරු පහේ හෝටලයක බලහත්කාරයෙන් නතර වී සිටීම ඇතුළු සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව පෙන්වා දෙමින් කොටුව පොලිසිය කළ කරුණු දැක්වීමක් සලකා බැලූ මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා එම නියෝගය කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක


advertistmentadvertistment