රුමේෂ් තරංගට රන් පදක්කමක්

1

දිල්හානී ලේකම්ගේට සහ සුමේධ රණසිංහට ලෝකඩ

දකුණු කොරියාවේ මොක්පෝ නුවර දී ක්‍රියාත්මක කෙරුණු දෙවන ආසියානු හෙල්ල විසි කිරීමේ ශූරතා තරගාවලියේදී කැපී පෙනෙන දක්ෂතා අතරට පැමිණෙමින් රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. එම පදක්කම් ත්‍රිත්වයම හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් සටහන් වීම කැපී පෙනුණි.

පිරිමි හෙල්ල විසි කිරීමේ තරගයට එක් වූ රුමේෂ් තරංග මීටර් 85.45ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වීම ඉහළ අගයක් ගත්තේය. ශ්‍රී ලංකා හෙල්ල විසිකිරීමේ වාර්තාව තම නම ඉදිරියේ සටහන් කර ගැනීමෙන් නොනැවතුණු රුමේෂ් තරංග මෙතෙක් පැවැති ආසියානු හෙල්ල විසි කිරීමේ ශූරතා තරග වාර්තාව සම කිරීමට සමත් විය. එම තරගයේ ලෝකඩ පදක්කම ජාතික ශූරයා වූ සුමේධ රණසිංහ සතු කර ගත්තේ මීටර් 77.57 ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමිනි.

මේ අතර වාරයේදී කාන්තා තරගාවලියට එක් වූ නදීෂා දිල්හානී ලේකම්ගේ මීටර් 57.94 ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමින් කාන්තා හෙල්ල විසි කිරීමේ ලෝකඩ පදක්කමට හිමිකම් කීවාය. එම තරගය නියෝජනය කළ ඩී. හර්ෂනීට 07 ස්ථානයෙන් සෑහීමට පත්වන්නට සිදු වූවාය. ඇයගේ දක්ෂතාව මීටර් 48.46 කි.

මෙවර පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට නිර්දේශ ලබාගැනීම සඳහා මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතාව ද ඉවහල් කර ගැනීමට හැකියාව පවතී.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment