රුසියානු මිනිස් ජාවාරමේ විශ්‍රාමික මේජර් ජෙනරාල් ඇතුළු සැකකරුවන්ට ඇප නෑ

1

විශ්‍රාමික හමුදා නිලධාරීන් ඇතුළු ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් යුද ගැටුම් පවතින ප්‍රදේශවල සේවයේ යෙදවීම සඳහා රුසියාවේ හමුදා සේවයට යැවීමේ මිනිස් ජාවාරම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින විශ්‍රාමික මේජර් ජෙනරාල් රණරාජා රණවක ඇතුළු සැකකරුවන් ඇප මත මුදාහරින ලෙසට විත්තියේ නීතිඥවරුන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් රඛිත අබේසිංහ මහතා ඔවුන් සිවුදෙනා ලබන 4 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඊයේ (27දා) නියෝග කළේය.

එම සැකකරුවන්ට ඇප ලබාදීමෙන් මහජන කැලඹීමක් ඇතිවිය හැකි බවත් සාක්ෂිකරුවන්ට දැඩි බලපෑමක් වියහැකි බවත් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නාලක ප්‍රනාන්දු මහතා අධිකරණයට පැවසීය.

එම මිනිස් ජාවාරමට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇති තවත් සැකකරුවන් තිදෙනකු පොලිසිය මඟහරිමින් සිටීම නිසා මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට පෙන්වා දුන්නේය. එම සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය. චතුරංග ජයවික්‍රම, සුපුන් සෝමරත්න හා අජිත් ජයසිංහ නමැති තිදෙනා එලෙස අත්අඩංගුවට ගැනීමට නියම කෙරිණි.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment