රුසියාව සමග සටන් විරාමයකට එළඹෙන ලෙසට ඇමරිකාව විසින් කර ඇති ඉල්ලීමට එකඟ වෙමින් ඉදිරියට යෑමට යුක්රේන නායකත්වය සූදානමින් සිටින බවට විශ්වාස කරන බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු විදෙස් මාධ්‍යයට පවසා තිබේ. රුසියාව හා යුක්රේනය අතර සටන් විරාම ගිවිසුමක් ඇති කිරීම සම්බන්ධයෙන් යුක්රේන බලධාරීන් සමග සාකච්ඡා පැවැත්වීම සඳහා ඇමරිකානු රාජ්‍ය ලේකම් මාකෝ රුබියෝ හා ඇමරිකානු ජාතික ආරක්ෂක උපදේශක මයික් වොල්ට්ස් ඊයේ සවුදි අරාබිය වෙත පැමිණීමට නියමිතව තිබිණි. මෙම සාකච්ඡා අද (11) දිනයේ ඇරඹීමට නියමිතව තිබේ.
මේ අතර රුසියානු හා යුක්රේන හමුදාවන් අතර ඇවිලී පවතින සටන් මධ්‍යයේ ප්‍රකාශයක් නිකුත් කර ඇති යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් ඇමරිකාව සමග කතාබස් කිරීමට සිය රට කැප වී ක්‍රියා කරන බව සඳහන් කර තිබේ.