ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ නැගණියක වූ පටබැඳිගේ දොන් චිත්‍රානි විජේවීර අද (26) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී ඇත.
ඇය , 1948.05.06 වැනි දින කෝට්ටගොඩ දී උපත ලැබ තිබේ . මියයන විට ඇය තංගල්ල ප්‍රදේශයේ වාසය කරමින් සිටියාය.
දේහය අංක 208, මුතුමාල මාවත, පල්ලික්කුඩාව, තංගල්ල යන ලිපිනයේ මේ වනවිට තැනපත් කර තිබේ . අවසන් කටයුතු අප්‍රේල් 28 වැනිදා පස්වරුවේ පවුලේ ඥාතීන්ගේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්ගේ සහභාගිත්වයෙන් සිදුකිරීමට නියමිත බව වාර්තාවේ .