ලංකා බැංකුවේ ඌව පරණගම ශාඛාව නව නිවහනකට

44

බැංකු කරණයේ නව යුගයකට දොරටු විවර කරමින්, වඩාත් පහසු, නම්‍යශීලී හා කාර්යක්ෂම බැංකු සේවාවක් සැපයීමේ අරමුණින් නවීන ඩිජිටල් තාක්ෂණය හා මුසු වූ ලංකා බැංකුවේ ඌව පරණගම ශාඛාව නව ගොඩනැඟිල්ලක ප්‍රතිස්ථාපනය කිරීම පසුගියදා සිදු කෙරිණි.

මේ වෙනුවෙන් පැවැත්වුණු උත්සවයට ලංකා බැංකුවේ නියෝජ්‍ය මහා කළමනාකරු (ශාඛා මෙහෙයුම්) ප්‍රියල් සිල්වා, ලංකා බැංකුවේ නියෝජ්‍ය මහා කළමනාකාරිණී (උපකාරක සේවා) ප්‍රියන්ති විජේසේකර, ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් එන්. ජී. එම්. එස්. කුමාර, සහකාර මහා කළමනාකරු (ඌව පළාත) අයි. කේ. නවරත්න, ඌව පළාත් මෙහෙයුම් කළමනාකාරිණී පුෂ්පා විජේසිංහ, බණ්ඩාරවෙල ප්‍රාදේශීය කළමනාකරු කේ. චන්ද්‍රමෝහන් සහ ඌව පරණගම ශාඛා කළමනාකරු චතුරංග පරණවිතාන යන මහත්ම මහත්මීහු ඇතුළු ලංකා බැංකු කළමනාකාරිත්වයේ සාමාජික සාමාජිකාවෝ හා ගනුදෙනුකරුවෝ රැසක් සහභාගි වූහ.

ඌව පරණගම ප්‍රදේශය ආශ්‍රිතව ජීවත් වන ජනතාව සාමාජීය හා ආර්ථික වශයෙන් බල ගන්වමින්, ඔවුන් වෙත මූල්‍ය පහසුකම් සමගින් සියලු‍ම බැංකු සේවාවන් ලබාදීම ප්‍රතිස්ථාපනය කෙරුණු මෙම ලංකා බැංකු ශාඛාවේ අරමුණ වන අතර, දිවයින පුරා පිහිටා ඇති 653ක් වූ ලංකා බැංකු ශාඛා ජාලය හා 2000කට අධික පාරිභෝගික සේවා මධ්‍යස්ථාන සමඟ සම්බන්ධ වී ඇති නිසා ඌව පරණගම ප්‍රදේශය ආශ්‍රිත ගනුදෙනුකරුවන්ට මෙම ශාඛාව හරහා රටේ ඕනෑම ප්‍රදේශයක් සමඟ මෙන්ම ජාත්‍යන්තරවද ගනුදෙනු සිදු කිරීමේ වරප්‍රසාදය හිමිවේ.

advertistmentadvertistment
advertistmentadvertistment