‘ලතාවිය උපහාර උළෙල’ 23 වැනිදා

122

ලාංකේය ගීත සාහිත්‍ය සිය මාධූර්යය හඬින් සුපෝෂණය කළාවූ හෙළයේ ගී රැජින කලාසූරී ලතා වල්පොල මහත්මිය වෙනුවෙන් සබරගමුව පළාතේ සහෘද ගීතලෝලී රසික ජනතාවගේ උත්තමාචාරය පිළිගනු වස් සනිටුහන් වන කෑගලු සම්ප්‍රාප්තිය වෙනුවෙන් පැවැත්වෙන හරසර ප්‍රණාම “ලතාවිය උපහාර උළෙල” මෙම මස 23 වැනිදා ප.ව.2.00 ට කෑගල්ල නගර ශාලා ශ්‍රවණාගාරයේදී අති උත්සවාකාරයෙන් පැවැත්වේ.

සබරගමුව ජනකලා කේන්ද්‍රය විසින් සංවිධානය කරනු ලබන “ලතාවිය උපහාර උළෙලේ” ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සබරගමු ආණ්ඩුකාර නීතිඥ නවීන් දිසානායක මහතා සහභාගි වීමට නියමිතය.


advertistmentadvertistment