ජනාධිපති අභියෝග කුසලාන රග්බි ඉසිපතන සමග සටනට ශාන්ත පීතර

89

දෙවන අවසන් පූර්ව සටන ලකුණු 05 කින් ජය ගනිමින් ‘ජනාධිපති අභියෝග කුසලාන’ පිළිමළුන් පිටු දැකීමේ රග්බි තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට බම්බලපිටිය ශාන්ත පීතර විදුහල නියෝජනය කළ ක්‍රීඩකයෝ සමත් වූහ.

කොළඹ හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ ප්‍රථම භාගය නිම වන විට ලකුණු 08 – 00 ක් ලෙස පෙරමුණේ පසු වන්නට ශාන්ත ශාන්ත ජෝශප් විදුහලට හැකියාව ලැබිණි. එහෙත්, දෙවන භාගයේදී ප්‍රබල ආක්‍රමණයක නිරත වෙමින් ලකුණු 16 – 11 ක ජයග්‍රහණයක් ලබාගැනීමට ශාන්ත පීතර විදුහලට හැකි විය.

මෙවර ‘ජනාධිපති කුසලාන’ යේ හිමිකරුවන් තීරණය කෙරන අවසාන මහා සටන ශාන්ත පීතර විදුහල සහ ඉසිපතන විදුහල අතර එළඹෙන සති අන්තයේදී පැවැත්වේ.
අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment