ලන්දේසීන් 1765 රැගෙන ගිය කෞතුක භාණ්ඩ යළි මෙරටට:ගිවිසුම් 2කට අද එළඹෙති

127

1765 දී ලන්දේසින් විසින් මහනුවර රජ මාලිගාව වටලන ලද අවස්ථාවේ පෙර ඉන්දීය වෙළෙඳ සමාගම (VOC) රැගෙන ගිය ඓතිහාසික වටිනාකමින් යුත් කෞතුක භාණ්ඩ මෙරටට ගෙන ඒමට අදාළව ගිවිසුම් 2 ක් අද සවස අත්සන් කරන බව බුද්ධශාසන හා සංස්කෘතික ඇමැති විදුර වික්‍රමනායක මහතා පවසයි.

තමා විසින් නෙදර්ලන්ත සංස්කෘතික හා අධ්‍යාපන විද්‍යා කටයුතු අමාත්‍යාංශය වෙතින් කළ ඉල්ලීමකට සහාය දක්වමින් මෙම වැඩසටහන දියත් කෙරෙන බව ද ඇමැතිවරයා කීය.

දෙරටේ එකඟතාවක් මගින් මෙය ඉටුකර ගත හැකි වුවහොත් එය ඓතිහාසික කටයුත්තක් වනු ඇතැයි ද ඔහු කීය.


advertistmentadvertistment