ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල දකුණු අප්‍රිකාවේ තරග සංචාරයක

86

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙම මස අගදී දකුණු අප්‍රිකාවේ තරග සංචාරයක් සඳහා එක්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

විස්සයි 20 තරග 3කින් සහ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග 3කින් සමන්විත මෙම තරගාවලිය 27 වැනිදා පැවැත්වෙන විස්සයි -20 තරගයෙන් ආරම්භ වීමට නියමිතව තිබේ. රාත්‍රී තරගයක් ලෙසින් බෙනොනිහි දී එම තරගය පැවැත්වීමට නියමිත අතර දෙවැනි තරගය මෙම මස 30 වැනිදා ද අවසන් විස්සයි-20 තරගය අප්‍රේල් මස 3 වැනිදා ද පැවැත්වීමට නියමිත වේ.

එක්දින තරගාවලියේ පළමු තරගය අප්‍රේල් මස 9 වැනිදා දිවා රාත්‍රි තරගයක් ලෙසින් ඊස්ට් ලන්ඩන්හිදීම පැවැත්වීමට නියමිතව ඇති අතර දෙවැනි තරගය කිම්බර්ලිහිදී අප්‍රේල් මස 13 වැනිදා දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමට නියතමිය. එසේම අවසන් එක්දින තරගය දිවා රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වීමට නියමිතව ඇත්තේ අප්‍රේල් මස 17 වැනිදාය.

මෙම එක්දින තරගාවලිය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල කාන්තා ශූරතාවලියට අදාළව පැවැත්වෙන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment