නව සර්වපාක්ෂික ආණ්ඩුවේ මේ ජනපති අගමැති නොසිටිය යුතුයි

212

පවතින ව්‍යවස්ථාව තුළ ලබාදිය හැකි සාධනීය විසඳුමක් ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්‍ෂවල සහභාගිත්වයෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමටත් ඒ තුළ වත්මන් ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා ක්‍රියාත්මක නොවිය යුතු බව සජබ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඊයේ (25දා) නිකුත් කළ විශේෂ නිවේදනයක දැක්විණි.සියලු පක්‍ෂ නියෝජනය කරන කමිටුවක් මගින් නිශ්චිත කාලසීමාවකට මාර්ග සැලසුමක් සකසා ජනතාවගේ ගැටලුවලට විසඳුම් හා ව්‍යවස්ථා සංශෝධනය කළ යුතු අතර එවැනි සර්ව පාක්ෂික ආණ්ඩුවකට අවශ්‍ය බහුතරය බාධා කිරීමකින් තොරව ලබා දීම සියලු පාර්ශ්ව ප්‍රතිඥා දිය යුතු බවද එහි දැක්වේ.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment