ලාංකිකයා කැනඩාවේ මැරෙනතුරු හිරේ

1085


කැනඩාවේ මහා මාර්ගයකදි සිය බිරිදට පහර දී මරා දැමූ මුලතිව් ප්‍රදේශයේ පුද්ගලයෙකුට කැනඩා අධිකරණයක් මගින් ජීවිතාන්තය දක්වා සිර දඩුවමක් පනවා තිබේ.
2019 සැප්තැම්බර් මස 23 වෙනිදා මෙම සිදුවීම සිදුව ඇති අතර ඇයව මරා දැමීමට ප්‍රධාන හේතුව විත්තිකරු විසින් තවත් කාන්තාවක් සමග ඇති කරගෙන තිබූ අනියම් සබදතාවයක් නිසා බවට අධිකරණයේදී තොරතුරු හෙළිදරව් වී අති අතර විත්තිකරු බිරිද මරා දැමීමෙන් පසුව එම අනියම් ඇසුර පවත්වා ගෙන ගිය කාන්තාව සමග ජීවත් වී ඇත.
යාපනයේ මනිපායී ප්‍රදේශයේ පදිංචිව සිටි දර්ශිකා ජෙගනාදන් නැමති කාන්තාව සමග විත්තිකරු 2015 දී ඉන්දියාවේදී විවාහ වී පසුව දෙදෙනාම කනඩාවට ගොස් තිබේ.
සසිකරන් තනපාලසිංහම් නමති විත්තිකරු සිය බිරිද සමග බසයකින් ගමන් කොට ඉන් බිමට බසින ලද අවස්ථාවේදීම සිය බිරිදට මහ පාරේදී පහර දීම නිසා ඇය බරපතල තුවාල ලබා රෝහල් ගත කොට තිබේ.
රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මියගොස් ඇති අතර කැනඩා පොලිසිය ඔහුව අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව පැවති නඩු විභාගයේදී මොහුට එම දඩුවම හිමිව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment