දවසින් දවස මෙරට සිනමා ශාලා වැසී යන යුගයක ශ්‍රී ලාංකීය සිනමාවට නැවුම් අද්දැකීමක් එකතු කරමින් කන්ද උඩරට රාජධානියට නවතම සිනමා ශාලා 4ක් එළැඹෙන 23 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිතය. ප්‍රේක්‍ෂක ඔබට අමතක නොවන අපූරු සිනමා රසවින්දනයකට නැවුම් අද්දැකීමක් ගෙන දෙන ලොව ඇති ඉහළම 7.1 ඩොල්බි තාක්‍ෂණය සමගින් සිල්වර් ස්ක්‍රීන් තිරයක් ද, ඇට්මෝස් 2ණල සහ 4ණ, තාක්‍ෂණයෙන් හෙබි සිනමා ශාලා 4ක් 23 වැනිදා සවස 5.00ට පේරාදෙණිය පාර මහනුවරදී විවෘත කෙරේ. එදින ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්‍ෂණය කළ නවතම සිනමා නිර්මාණය වන දේවි කුසුමාසන හි විශේෂ දර්ශනයක් තිරගත වෙයි. කන්ද උඩරට රාජකීය සිනමා සම්ප්‍රාප්තිය සඳහා ශ්‍රී ලාංකීය සිනමා අඹරේ එදා සිට මෙදා දක්වා පෑයූ තරු රැසක් මෙම ස්වර්ණමය අවස්ථාවට සහභාගි වීමට නියමිතය.
තවද දේවි කුසුමාසන නිර්මාණයට රංගනයෙන් දායක වූ හේමාල් රණසිංහ, උදාරි වර්ණකුලසූරිය ඇතුළු නළුනිලියන් රැසක් ද මෙම අවස්ථාව වර්ණවත් කිරීමට එක්වේ. මෙම සිනමා ශාලාවල හිමිකාරිත්වය දරනුයේ මහනුවර ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු වන ප්‍රසන්න විතානගේ මහතායි.