ලොකී ෆර්ගසන් ලෝක වාර්තාවක් සම කරයි

303

විස්සයි 20 ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ දී කිසිදු ලකුණක් ලබා නොදී සිය පන්දුවාර 4 යවා නිමා කරමින් ලෝක වාර්තාවක් සම කිරීමට නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ලොකී ෆර්ගසන් පෙරේදා (17 වැනිදා ) සමත් වූයේය.

මෙවර පන්දු වාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පැපුවා නිව්ගිනියාවට එරෙහිව ටි්‍රනිඩෑඩ්හි බ්‍රයන් ලාරා ක්‍රීඩාංගනයේ දී පැවැති එම තරගයේදී ෆර්ගසන් එම වාර්තාව සම කළේය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් පැපුවා නිව්ගිනියාවට එරෙහිව සුපිරි පන්දු යැවීමක නිරත වූ ලොකී ෆර්ගසන් සිය පන්දුවාර හතරම නිලකුණු පන්දුවාර ලෙස යොමු කරමින් කඩුලු 3 ක් දවා ගැනීමට සමත් වූයේය.

මීට පෙර කැනඩාවේ Saad Bin Zafar විසින් 2021 වසරේ දී ද පැනමාවට එරෙහිව පැවැති තරගයකදී මේ මේ වාර්තාව තබා තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment