රවිගේ අපලයට පිළියම්

136

රවිගෙන් අපල යෙදුණු විට නිරන්තරයෙන්ම සිතට ගැටලුවක් ඇතිවන පරිදි ඔබේ පරිසරය ඔබට එරෙහි වනු ඇත.

රැකියා ප්‍රධානීන්, උසස් පුද්ගලයන් ඔබට එරෙහි වීමට ඉඩ ඇති බැවින් ඔවුන් සමග වාද විවාදවලට නොයන්න. පියාට ස්වාමියාට එතරම් යහපත් නොවේ. ඔවුන්ගෙන් අයහපත සිදුවිය හැක.

රැකියා ගැටලු ඇති වේ. නිවස ඉඩම සහ තම දේපළ පිළිබඳ නිරවුල් බව නැති වේ. රැකියාව හෝ රැකියාව කරන ස්ථානයේ යම් යම් ගැටලු ඇතිවීමට ඉඩ ඇති බැවින් ඔබ කියන කරන දේ පිළිබඳ දෙවරක් සිතන්න. අනාගත දියුණුව කරා ඔබ යන

ගමන්මගේ විවිධ බාධා අවහිරකම් පැන නගී. ඊර්ෂ්‍යාකාරයන් සහ කුමන්ත්‍රණකරුවන් නිසා වැඩට බාධා යෙදෙයි. මුදල් වියදම් කරන කටයුතුවලින් සුබ ඵල බලාපොරොත්තු විය නොහැකි බැවින් එවැනි කටයුතුවලින් හැකි තරම් දුරට සීමාවී සිටින්න. හදවතේ ශක්තිය අඩුවන බැවින් ඒ ගැන අවධානයකින් සිටින්න.

රෝගී තත්ත්වයන් වශයෙන් උණ, ඇස් රෝග, සිහිමදකම, හදවත, කොඳුනාරටිය හා තුනටිය සම්බන්ධ ආබාධ, තුවාල, හිසරදය, අස්ථි පංජරය සම්බන්ධ රෝග, රුධිර සංසරණයේ බාධා, චර්ම රෝග, පිත් ආබාධ, පීනස වැනි රෝග බලපායි. ශරීරයේ ඇති ඕජෝ ගුණය, ප්‍රතිශක්තිකරණය, හෘද ක්‍රියාකාරිත්වය, සෛල, කොඳුනාරටිය, පිරිමින්ගේ නම් දකුණු ඇස, කාන්තාවන්ගේ නම් වම් ඇස යන අංග කෙරෙහි බලපායි.

මෙහි අපල මර්දනය කිරීම සඳහා පහත සඳහන් ජ්‍යොතිෂ උපදේශ පිළිපදින්න.

  1. සූර්ය මණ්ඩලය, රතන යන්ත්‍රය, නවනාථය, සිවසිලම්බරය වැනි යන්ත්‍රයක් ශාස්ත්‍රානුකූලව සකසා පළඳවන්න.
  2. කේන්ද්‍ර හිමිකරුගේ බලවත්ම ග්‍රහයා බලවත් කිරීමේ න්‍යාය අනුව නියමිත මැණික තෝරා ඒ මැණික පැළඳිය යුතු ඇඟිල්ල ද තෝරා නිසි උපදෙස් දෙන්න. අපලකරුගේ කේන්ද්‍රය පුද්ගලිකව පරීක්‍ෂා කරන්න. එහි බලවත්ම ග්‍රහයා තවදුරටත් බලවත් කිරීමේ න්‍යාය අනුගමනය කිරීම වඩාත් ප්‍රතිඵලදායී බව අත්දැකීම් අනුව පසක් වී තිබේ. එබැවින් බලවත්ම ග්‍රහයාට අදාළ මැණික තෝරා එම මැණික ඇතුළත් කර රිදී රත්තරං හෝ ග්‍රහයාට අයත් ලෝහයෙන් මුද්දක් සාදා එම ග්‍රහයාට අයත් ඇඟිල්ලේ හෝ එම ග්‍රහයාට මිතුරු ඇඟිල්ලක පළඳින්න.

දබරැඟිල්ල බ්‍රහස්පති ග්‍රහයාට ද, මැදඟිල්ල සෙනසුරු ග්‍රහයාට ද, වෙදඟිල්ල රවි ග්‍රහයාට ද, සුලඟිල්ල බුධ ග්‍රහයාට ද, හිමි වේ. සඳු, අඟහරු, සිකුරු, රාහු, කේතු යන ග්‍රහයන් හා ඡායා ග්‍රහයන්ට අදාළ අපල වලදී හෝ බලවත් ග්‍රහයා බලවත් කිරීමේ න්‍යායේදී එම ග්‍රහයන්ට මිතුරු ග්‍රහයකුගේ ඇඟිල්ලක් මුද්ද පැළඳවීම සඳහා තෝරා ගත හැක.

බලවත් ග්‍රහයා බලවත් කිරීමේ න්‍යාය ඉතා සරලව තේරුම් ගත හැකි දෙයකි. දරුවකු කුඩා කාලයේදී තම වැඩිමල් සහෝදරයා සමග රණ්ඩුවක් වූ විට එසේ නැතිනම් වැඩිමල් සහෝදරයාට පහර දුන් අවස්ථාවකදී කුඩා දරුවා දුවගෙන ගොස් පියා අවට හැසිරෙයි. තම මල්ලීට ප්‍රතිප්‍රහාර දීමට ලුහුබැඳ එන අයියා පියා, ඉදිරියේදී මල්ලීට පහරදීමේ ශක්තියක් නැති බැවින් පාරම්බාමින් ආපසු යයි. ඒ පියා බලවත් නිසාය. ආයතනවල කම්කරුවන් අතරින් පොලිසියේ සේවය කරන කම්කරුවා අනෙක් කම්කරුවන්ට වඩා රළු හැසිරීම් රටාවක් දැක්වුවත් ඔහුට සමකාලීනයන්ගෙන් අභියෝග එල්ල නොවේ. ඒ ආයතනයේ බලවත්කම නිසාය. ගිහියකුට වඩා සම වයසේ වෙසෙන පූජ්‍ය හෝ පූජකවරයකුට ලොකු බලයක් ඇත. ලොකු පිළිගැනීමක් ඇත. එතුමන්ගේ වරදකදී එරෙහිවීමට ගිහියන් පැකිලෙන්නේ පූජ්‍ය හා පූජකවරුන්ට ශාස්තෘවරයාගේ බලය ඇති නිසාය. මොණරා සහ නයා කොතරම් තරහ වුවත් කතරගම දෙවියන් ඉදිරියේ රණ්ඩුවෙන්නේ නැත. ගණ දෙවියන් ඉදිරියේ සිටින මීයාට කුරුමානම් අල්ලන පූසකු ලෝකයේ කොතැනකවත් නැත. එලෙසම යම් පුද්ගලයකුගේ කේන්ද්‍රයේ සිටින බලවත්ම ග්‍රහයා බුදුදහමේ සඳහන් ප්‍රයෝග සම්පත්තිය අනුව කුමන හෝ ආකාරයකට බලවත් කළොත් අවශේෂ ග්‍රහයන්ගේ අපල මැකී යයි. සඵල වැඩී යයි. මෙහිදී සිදුවන්නේ මේ න්‍යාය ක්‍රියාත්මක වීමයි.

රවිට පද්මරාගද, චන්ද්‍රයාට මුතු හෝ චන්ද්‍ර කාන්තිද, අඟහරුට රතු කැට හෝ රතු කොරල් ද, බුධට පච්ච හෝ මරකත පච්චද, බ්‍රහස්පතිට පුෂ්පරාග ද, සිකුරුට සුදු නිල් හෝ දියමන්ති ද, සෙනසුරුට නිල් මැණික් ද, රාහුට ගෝමේද මැණික් ද, කේතුට වෛරොඩි ද, ජ්‍යොතිෂයේ නියම කර ඇත. අදාළ මැණික සහිත මුද්ද පැළඳවීමේදී ග්‍රහයාට අදාළ හෝ මිතුරු ග්‍රහයාට අදාළ ඇඟිල්ල තෝරා ගන්නා ලෙස මීට පෙර සඳහන් කළෙමි. ග්‍රහයන්ගේ සතුරු මිතුරු චක්‍රය, ඔබ භාවිත කරන පංචාංග ලිතේ සඳහන්ව ඇත. ඒ චක්‍රය අධ්‍යයනය කරන්න.

  1. ඊශ්වර දෙවියන්ට පූජාවක් තබා යාතිකාවක් කර භාරයක් වන්න.

ඊශ්වර යාතිකාව

ශ්‍රී විද්‍යා බලධාරී උතුම් වූ, ශ්‍රීමත් සිද්ධ බලැති මන්ත්‍ර ශාස්ත්‍රයට අධිපතිව වැඩ සිටින්නා වූද, වෘෂභ වාහනාරූඩව ගනිමින් මෙලක සෑම නරයෙකුගේම ඉල්ලීම ඉෂ්ට කර දෙමින් ශුභ සලසා දෙන ත්‍රිනේත්‍රධාරී, දෙවියනේ මා විසින් මේ කියාසිටින (කාරණය කියන්න) ඉෂ්ට කරදෙන සේක්වා.

  1. ඊශ්වර දෙවියන් උදෙසා සෙත් කවියක් කියවන්න මෙම සෙත් කවිය සෙත් කවි රචක මහතකු මගින් පුද්ගලික කේන්ද්‍රයට ගැලපෙන ලෙස සාදවා ගැනීම වඩාත් මැනවි. මේ හැර පොදු සෙත් කවි ද ඇත.
  2. රාත්‍රි නින්දට යෑමට පෙර රවි ස්තෝත්‍රය හැකි තරම් වාර

ගණනක් ගායනා කරන්න.

  1. කෙටි රවි ස්තෝත්‍රය

ජපා කුසුම සංකාශං
කාශ්‍යපේයාං මහාiුතිමි
තමෝරිං සර්ව පාපඝනං
ප්‍රාණ තෝසම් දිවාකරම්

  1. දිගු රවි ස්තෝත්‍රය
  2. ආදිත්‍යඃ සවිතා සූර්යයඃ – පුෂාර්‍ක ශීඝ්‍රයෝ රවිඃ

හගස ත්වෂ්ටාර්ය මාහංසො – හෙලිස්තෙජො නිධිහිරිඃ

  1. දිනනාථො දිනකරඃ – සප්ත සප්තිඃ ප්‍රහාකරඃ

විහා වාසුවේදක තී – වෙදාංගො වෙදවාහනඃ

  1. හරිදශ්වඃ කාලවක්ත්‍රඃ – කම්සාක්‍ෂි ජගත්පතිඃ

පද්මිණී බොදකො භානු – ර්‍හාස්කරඃ කරුණාකරඃ

  1. ද්වාදශාත්මා විශ්වකර්මා – ලොහිතාංගඃ තමෝනුදඃ

ජගන්නාථො රවින්‍දා ක්‍ෂඃ – කාලාත්මා කාශ්‍යපාත්මජඃ

  1. භූතාශ්‍රයො ග්‍රහපතිඃ – සර්වලෝක නමස්කෘතඃ

ජපා කුසුම සංකාශෝ – හාස්වාන දිති නන්‍දනඃ

  1. ධ්වාන්තෙහසිංහඃ සර්වතමා – ලොකනෙත්‍රො විකර්‍තනඃ
    මාර්‍තණෙඩා මිහිරඃ සූරස් – තපනො ලොක තාපනඃ
  2. ජගත් කර්‍තා ජගත් සාක්‍ෂි – ශනෛශ්වර පිතාජයඃ
    සහස්‍ර රශ්මිස්කරණී – ර්‍හගවාන් හක්තවත්සලංඃ
  3. විවස්වතාදි දෛෘශ්ච – දෙව දෙවො දිවාකරඃ
    ධනවන්තරිව්‍ය_ාධිහාර්‍තා – දද්‍රෘකුෂ්ට විනාශනං
  4. චරා චරත්මා වෛත්‍රෙයො – මිතො විෂ්ණුර්වකර්‍තනඃ
    කොපශොකා පහච – කමලාකර ආත්ම භුඃ
  5. නාරායණෝ මහාදෙවො – රුද්‍රඃ පුරුෂ ඊෂ්වරඃ
    ජීවාත්මා පරමාත්මාව – සුක්‍ෂවංතමං සර්වතොමුඛ
  6. ඉන්ද්‍රො නලො යමශෛචව – නෛඍතො වරුණෝ නීලඃ
    ශ්‍රි ද ඊශාන ඉන්ද්‍රශ්ච – භෛෟමඃ සෞම්‍යා ගුරුඃ කවිඃ
  7. සෞරිර්විධුනතුදෑ කෙතුඃ – කාලඃ කාලාත්මකො විඟුඃ
    සර්ව දේවමයො දෙවඃ – කාෂණඃ කාම ප්‍රදායකඃ
  8. නවග්‍රහානං සර්වෙෂාං – සූර්යාදීනං පෘථක් පෘථක්ඃ
    පීඩාව දුඃ සහා රාජන් – ජායතෙ සතනං නෘණාම්ඃ
  9. පීඩා නාසාය රාජෙන්‍ද්‍ර – නමානි ඍණුහා ස්වතඃ
    සූර්යා දීනාචෙ සර්වෙෂාං – පීඩිනඝ්‍යති ඍණවතඃ
  10. රවි අපලයට අදාළ ඖෂධීය ජලය ස්නානය කරන්න.

එනම්, වැල්මී, නෙළුම් අල, සුවඳ කොට්ටම්, එනසාල්, සැවැන්දරා, පළොල්, දේවදාර යන ඖෂධයන් සම සමව ගෙන තම්බා ලැබෙන ඖෂධීය ජලය සාමාන්‍ය ජලයට මිශ්‍ර කර ස්නානය කරන්න.

  1. පහත සඳහන් ආකාරයට රවි ග්‍රහ පූජාවක් තබන්න.

තිරිඟු පිටි, උක් හකුරු, තඹ කැබැල්ලක්, රත් හඳුන්, රතු නෙළුම් මල්, රතු රෙදි රියනක්, වද මල්, වහුපැටියෙක් සහිත එළදෙනෙක්ගේ රූපයක් සහිත පූජා වට්ටියක් සාදා සූර්ය මන්ත්‍රයෙන් 108 වරක් මතුරා ඉරිදා දවසක ඉඹුල් ගසක් මුල පිරිසිදු කර එහි නැඟෙනහිර පැත්තේ කුඩා මැස්සක් සාදා ඒ මත රවි හෝරාව තුළදී පූජාව තබන්න. මෙම පූජාව තබා සූර්ය යාදින්න කියන්න.

සූර්ය මන්ත්‍රය

“ඕං හ්‍රීං හ්‍රීං සූර්යාය නමඃ”

සූර්ය යාදින්න සිංහලෙන් මෙන්ම සංස්කෘත භාෂාවෙන්ද ඇත. භාවිතයේ නැතත් මීට අමතර භාෂාවලින් ද තිබේ. මෙහි වැදගත් වන්නේ අදහස හා ස්වර අතර බැඳීමයි. භාෂාව කුමක් වුවත් කම් නැත. භාවිතයේ ඇති සිංහල හා සංස්කෘත යාදිනි මෙහි පහත සඳහන් කරමි. ඔබ කැමති එකී යාදින්නක් භාවිත කළ හැක.

  1. රවි කන්නලව්ව සිංහලෙන්

සුනිල් තුරුලිය පෙළින්, සුදුල් සිරිබර උතුම්, මඟුල් සක්වල ගුවන් ගැබ දිළුම් ගත් නොහිමි තෙද කැළුම් විරාජිත, උදාගිරි මුදුනතින් උදේ අරුණළු විදා සුවඳ මල් මිණි දැදැරි, කැරු සුවඳ පතුරමිනි, සුළං රැළි හා සමඟ කැළුම් රැස් යව යවා අතු පැලේ මන්දිරේ වන පෙතේ සරුකෙතේ ගම් නියම් ගම් දනව් පුර නොහැර හෙළි කරන් කමල් මල් හිනස්සා සුව සුවඳ වාස්සා මුළු ලොවම පන පොවා නව පනින් පුබුදුවා සිහි නුවණ පහදවා උතුම් හැඟුමින් සදා දයාබර මව ලෙසිනි සැපත් සෙත් දී ඉන් විපත් පිණි වියලවා ගුවන් ගැබ මරාමිණි සරාසිරි දරාගෙන වද මලේ රත දරා සුරත් මල් හරදරා සුවඳ රන් අලෙවි අගරා දරා මනහරා රත් තුරඟ බැඳි සරත් රියේ රත් දද සරා දෙදෙව් ලොව අදිපති සුරිදු සේ සිරිදරා අරා වුබ මාවතින් ගොසින් හෙමෙර වටා තුන් යලක් ගරු සිතින් තොසින් පැදකුණු කොටා ගහමඩල වෙත පිවිස සංගව ආයුධව සවානව සදෙසව ගොත් සක්ති සහිතවම පන්තියද පුත් නුපුත් පරිවාර සහ දිමුත් අදිදේව අනුදේව පිරිවරා මණ්ඩලේ වටකුරු නැගෙනහිර දිසාවට මුහුණලා වැඩ හිඳින දිවාකර දෙවියනේ ඔබට හිමි ඉරු දිනේ නෙලුම් මල් කෙසෙල් ගෙඩි මල් බුලත් සහ පුවක් ගුඩ තිරිඟු බෙලි කොළත් රත් හඳුන් රත් දඹර පියුම් රාමිණි සරා ඉඹුල් කොළ රතු බතුත් පුදම් මම හිමියනේ ඔබේ ඉටුදෙවි හිමි මහා මෙහෙසුරු හිමි නමින් සොඳ සුවඳ තෙල් පහන් පිදුවෙමි. බැඳි සහල් දුම් කපුරු සුවඳ ඇල්ලීම හිමි ඔබේ මහ දශාවෙන් හෝ අතුරු දශාවෙන් නොහොත් වෙනත් යෝගෙකින් කී නොකී අයුරකින් ඔබ නිසා වන අපල කමලපත දිය සේ මිතුරු දුටු කුමුදු සේ ගින්දරට පුළුන් සේ රිවි මෙරද පිනි ලෙසේ දුරුව වැනසී සෙතේ දෙනු මැනවි දෙවියනේ දෙවියනේ ඔබේ සෙත සුබාසිරි මට ලැබී සැප ලැබී මගේ රෝ දුක් නිවී බොහෝ කල් සුබ ලැබී යෙහෙන් ඉසුරෙන් ගුණෙන් නැණින් බලයෙන් නොමින් මෙලෝ විඳ ඉන්ට මාගේ ඉටු දෙවි සුබාසිරි දිගා ලැබි ලැබි මට යෙහෙන් වාසනා වේවා.

  1. සූර්ය යාදින්න සංස්කෘත භාෂාවෙන්

රක්ත වර්ණං රක්තමාල්‍යං බරධරං රක්ත ගන්ධානුලේපනං රක්තාශ්වං රක්ත ජත්‍ර ධ්වජ රථ පතාකානී ශොහිතං දිව්‍ය රථ සමාරූස්ං මෙරුං ප්‍රුදක්ෂණ තුර්වාණං ග්‍රහ මණ්ඩලේ ප්‍රවිෂ්ටං සාංගං සායුධං සවාහනං සදෙශං සගොත්‍රං – ශක්ති – සපත්ති – පුත්‍ර – පෞත්‍ර පරිවාර සමෙතං අධි දේවතා ප්‍රත්‍යදෙවතා සහිතං සූර්ය ග්‍රහමාහ් වයම් සූර්ය ග්‍රහ අධි දෙවතං ආහ්වයාම් ප්‍රත්‍යාධි දෙවතාං ආහ්වයාම්

රවි ග්‍රහ පූජාවේදී භාවිතා කරන්නේ රවි සුවඳ ධූපයයි. රවි සුවඳ ධූපය යනු බැඳි හාල් කුඩු, රත් හඳුන් කුඩු සම වශයෙන් වූ මිශ්‍රණයකි.

  1. පෙරවරු කාලයේදී උක් සකුරු සහිත කිරි බතක් සාදා රතු නෙළුම් මල් සමඟ බෝ සමිඳු වෙත පූජා කරන්න. ඉන්පසු සූර්ය පිරිත නව වරක් කියන්න. මෙය පිළිවෙළින් දින 09ක් කරන්න.

නමෝ තේ බුද්ධ විරත්ථු – විප්ප මුත්තෝසි සබ්බධි
සම්බාධ පටිපන්නෝස්මි – තස්ස මේ සරණං භව
අථ ඛෝ භගවා සුරිය – දේවපුත්තං ආරම්භ රාහුං අසුරින්ද
ගාථාහි අජ්ඤාහාසී
තථාගතං අරහන්තං – සූරියෝ සරණං ගතෝ
රාහු සූරියං පමුඤ්චස්සු – බුද්ධා ලෝකානුකම්පකා

යෝ අන්ධකාරේ තමසී පහාකරෝ,
වේරෝචනෝ මණ්ඩලි උග්ගතේජෝ
මා රාහු ගිලී චරං අන්තලික්ඛේ
පජං මම රාහු පමුඤ්ච සුරියං

අථ ඛෝ රාහු අසුරින්දෝ සූරියන් දේව පුත්තං මුඤ්චත්වා තරමානරූපෝ යේන චේපච්ත්ති ජාතෝ
එකමන්තං අට්ඨාහි ඒකමත්තං ධිතං ඛෝ රාහු අසුරින්දං චේපචිත්ති අසුරින්දෝ ගාථාය අජ්ඣභාසී ද

කින්නු සන්තරමානෝච – රාහු සූරියට පමුඤ්චසී
සංචිග්ගරූපෝ ආගම්ම – කින්නු භිනෝච තිට්ඨසී
සත්තධා මේ බුද්ධා – ජීවන්තෝ න සුඛං ලභේ
බුද්ධ ගාථාභි ගීතෝම්භී – නෝචේ මුඤ්චෙය්‍ය සූරියං

  1. ඉරිදා දවසකදී උක් සකුරු සහිත කිරි බතක් පිළියෙල කර අන්ධයකුට දානයක් දෙන්න.
  2. 1. කේන්ද්‍ර හිමිකරු බෞද්ධයෙකු නම් ආගමික වතාවත් වලින් පසු පහත සඳහන් කවිය 09 වරක් කියන ලෙස උපදෙස් දෙන්න.

ආසාවන් සැම දුරු කළ මුනිදා
සුදුසුය පූජා ලැබීමට නිබදා
බගවත් අරහං ගුණ බල විහිදා
හිරු ගහ අපලය දුරලත් සැමදා

  1. කේන්ද්‍ර හිමිකරු බෞද්ධයෙකු නොවන්නේ නම් තමාට උරුම ආගමික කටයුතුවලින් පසු පහත සඳහන් කවිය 09 වරක් කියවීමට උපදෙස් දෙන්න.

පස් මත් දිමුත් නුබ මිණි කැළුමින් සරා ලෝ
පායා උදේ අරුණළු බැස යයි සවස් හී
කල් යල් ගෙවෙයි වැසි නියං පලදා ලබා දෙයි
වේවා දිවාකර බෙලෙන් මා හට මඟුල් සෙත්

  1. පුද්ගලයාගේ ප්‍රගමන සූර්ය ස්ඵුටය සොයා එයට

ගෝචර බ්‍රහස්පති ග්‍රහයා සංයෝග ත්‍රිකෝණ, ෂට්කෝණ, වන සුබ නැකතකින් එම පුද්ගලයාගේ කේන්ද්‍රයේ සූර්යා සිටින රාශියට ආවේනික ශරීරයේ ස්ථානය හරියටම සොයා එතැන කුඩා වෘත්තයක් පච්ච කොටන්න.

  1. පහත සඳහන් ග්‍රහ ශාන්ති බලි ක්‍රමයක් උපයෝගී කර ගන්න.
  2. රවි දිෂ්ටිය
  3. රවි සක
  4. සූර්ය අෂ්ටකය
  5. වීදිය පන්තිය
  6. ශ්‍රී ලෝක මංගල්‍යය
  7. දේවසිරි කල්‍යාණය
  8. ශාන්ති මංගල්‍යය
  9. කාල කූටය
  10. රවි රාක්ෂය
රවිගේ අපලයට පිළියම්

හේළි සරත් රාජකරුණා,
විද්‍යා ජ්‍යොතිෂ,
දලුග්ගල, රඹුක්කන.
දුරකථන 035-2262837

advertistmentadvertistment
advertistmentadvertistment