ලොව විශාලතම මැතිවරණය ඇරඹේ

247

ලොව දැවැන්තම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය සේ සැලකෙන ඉන්දීය මහ මැතිවරණයේ ප්‍රථම අදියරේ ඡන්ද විමසීම ඊයේ (19දා) උදෑසන ප්‍රාන්ත හා මධ්‍යම රජය යටතේ පාලනය වන කලාප 21 ක පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 102කදී ඇරඹිණි.

අදියර හතකින් සමන්විත මෙම මැතිවරණයේ ප්‍රථම අදියර යටතේ ඉන්දීය පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය වන ලෝක් සභා හි ආසන 543න් 102 කට නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සඳහා ඡන්ද විමසීම පැවති අතර ඊයේ දහවල් 1 වන විට ඡන්ද විමසීම පැවති ප්‍රාන්තවල ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 30 සිට සියයට 53 අතර ප්‍රතිශතයක පැවති බව වාර්තා වී තිබේ. ත්‍රිපුර, බටහිර බෙංගාලය, මනිපූර් හා ඇසෑම් යන ප්‍රාන්තවල ඉහළ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතයක් පැවති අතර බිහාර් හා මහාරාෂ්ට්‍ර යන ප්‍රාන්තවල අඩු ඡන්දය ප්‍රකාශ කිරීමේ තත්ත්වයක් පැවති බව වාර්තා වේ. ලබන ජුනි මස පළමුවැනිදා තෙක් පැවැත්වෙන මෙම මැතිවරණයේ ප්‍රතිපලය ජුනි 04 වැනිද ප්‍රකාශ කිරීමට නියමිතය. ඉන්දීය මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලියාපදිංචි වී ඇති ඡන්ද දායකයන් සංඛ්‍යාව මිලියන 969කි. රැකියා ගැටලු, වැඩි වන බඩු මිල, විරුද්ධවාදීන් මර්දනය කිරීම හා ආගම මුල් කරගත් දේශපාලනය මෙවර මැතිවරණ වේදිකාවේ සාකච්ඡාවට ලක්වූ ප්‍රධාන මාතෘකා අතර වේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment