ලොහාන් බන්ධනාගාර රෝහලෙන් ජාතික රෝහලට යවයි

140

ලියාපදිංචි නොකළ සුඛෝපභෝගී මෝටර් රථයක් ළඟ තබාගත් බවට චෝදනා එල්ල වී වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටි හිටපු රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ මහතා පෙරේදා (02දා) රාත්‍රි කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

රත්වත්තේ මහතාට ඇතිවී තිබූ ශ්වසන ආබාධය සම්බන්ධයෙන් බන්ධනාගාර වෛද්‍යවරුන් විසින් පරීක්ෂා කර ඔවුන්ගේ නිර්දේශ මත ජාතික රෝහලට ඇතුළත් කළ බව බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා ‘දිවයින’ට පැවසීය.

රත්වත්තේ මහතාගේ බිරිඳට අයත් මිරිහාන ප්‍රදේශයේ නිවසක තිබී සොයාගත් මෝටර් රථය, ඔහුගේ ලේකම්වරයකු ලෙස කටයුතු කළ මීට දින කිහිපයකට පෙර වෙඩි වැදී මියගිය පුද්ගලයා විසින් බිරිඳගේ නිවසේ නවතා ගොස් තිබූ බවට රත්වත්තේ මහතා පොලිසියට ප්‍රකාශයක් ලබාදී තිබුණි.

අසනීප තත්ත්වය හේතුවෙන් ජාතික රෝහලට ඇතුළත් කළ රත්වත්තේ මහතාගේ රෝගය සුව බවට වෛද්‍යවරුන් නිර්දේශ කළහොත් ඔහු නැවත බන්ධනාගාරයට රැගෙන එන බවද දිසානායක මහතා කීය.

චමින්ද සිල්වා


advertistmentadvertistment