ණය ප්‍රතිව්‍යුහගත කිරීම පස්සෙන් පස්සට

227

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලිය තවදුරටත් ප්‍රමාද විය හැකි බව ස්ටෑන්ඩර්ඩ් චාටඩ් බැංකුවේ ගෝලීය පර්යේෂණ අංශය විසින් සිදු කරන ලද විශ්ලේෂණයක සඳහන් වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ ප්‍රමාදයන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම මේ වසරේ (2023) අවසානය දක්වා කල් ඇදෙනු ඇතැයිද එම විශ්ලේෂණ වාර්තාවේ සඳහන් වේ.

ද්විපාර්ශවික ණය දෙන්නත් සමග සාකච්ඡාවලට බලාපොරොත්තු වූවාට වඩා වැඩි කාලයක් ගතවන බැවින් ශ්‍රී ලංකාවේ විස්තීර්ණ අරමුදල් පහසුකම ප්‍රමාද විය හැකි බව එම වාර්තාවේ සඳහන් වෙයි. එහි මෙසේද සඳහන් වේ. ද්විපාර්ශ්වික ණය හිමියන්ගෙන් මූල්‍යකරණ සහතික ලබා ගැනීමේ ප්‍රමාදයක් හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක සභාවේ අනුමැතිය මේ වසරේ (2023) දෙවන කාර්තුවේදී සිදුවනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. මෙය වාණිජ ණය හිමියන් සමග වන සාකච්ඡා තවදුරටත් ප්‍රමාද කිරීමට ද හේතු වනු ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment