සජබය මහ නාහිමිවරුන්ට කරුණු කියයි

79


ආණ්ඩුව රටේ සම්පත් විදේශීය සමාගම් වෙත විකිණිමේ ප‍්‍රයත්නය පිළිබදව අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශී‍්‍ර ඥාණරතන මහානායක හිමියන් හා මල්වතු පාර්ශ්වයේ අනුනායක අති පූජ්‍ය නියංගොඩ ශී‍්‍ර විජිතසිරි අනුනායක හිමියන් බැහැදැක කරුණු පැහැදිලි කිරිමට අද (27* දින සමගි ජන බලවේගය කටයුතු කළේය

ඒ සඳහා විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඇතු`එ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ති‍්‍රවරුන් වන ජේ.සී. අලවතුවල, රෝහණ බණ්ඩාර හා හිටපු පාර්ලිමේන්තු මන්ති‍්‍ර අජිත් පී. පෙරේරා යන මහත්වරු එහි ගියහ.

පසුව මාධ්‍යවේදින් හමුවේ අදහස් දැක්වූ කිරිඇල්ල මහතා මෙසේ පැවසීය.
ඇත්තවශයෙන්ම මේ රජය බලයට පැමිණියේ රාජ්‍ය දේපල, සම්පත් ආරක්ෂා කරනවා කියන ප‍්‍රතිපත්තිය සමග. නමුත් අද ජනතාවට ලැබිලා තියෙන්නේ ආණ්ඩුවක් නෙමේ දේපල වෙළඳ සමාගමක්.

බලයට පත් වූ දවසේ සිට අපේ රටේ දේපල කොටසින් කොටස විකුණනවා. ඉතින් අපි මේ කාරණා පිළිබදව මහානායක හිමියන් දැනුවත් කළා.

උන්වහන්සේගේ ප‍්‍රතිචාරය වුනෙත් මේ විදුලි බලාගාරය විකිණීම භයානකයි කියන එක. උන්වහන්සේ වැඩිදුරටත් ප‍්‍රකාශ කළා මේ කාරණා පිළිබදව අස්ගිරි මල්වතු සංඝ සභා රැුස්වෙලා ඉදිරියේදි ප‍්‍රකාශයක් නිකුත් කරන බව.

advertistmentadvertistment
advertistmentadvertistment