වජිර දිවුරුම් දෙයි

85

එක්සත් ජාතික පක්‍ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස වජිර අබේවර්ධන මහතා ඊයේ (27) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.

පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව මන්ත්‍රීවරයාගේ දිවුරුම් දීම සිදුවිය.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස පත්වීම නිසා එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පුරප්පාඩු වූ අතර පසුව එම පක්‍ෂය විසින් පුරප්පාඩුවට වජිර අබේවර්ධන මහතාගේ නම යෝජනා කරනු ලැබීය.

ඒ මහතා 1994 මැතිවරණයෙන් එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරමින් ගාල්ල දිස්ත්‍රික්කයෙන් ප්‍රථම වරට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පත්වී තිබේ. එතැන් පටන් 2010 වර්ෂය දක්වා අබේවර්ධන මහතා එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරමින් ගාල්ල දිස්ත්‍රික්කයෙන් සෑම මැතිවරණයකදීම පාර්ලිමේන්තුවට තේරී පත්වී තිබේ. අනතුරුව 2015 වර්ෂයේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේදී ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පත්විය.

එසේම ඒ මහතා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා වශයෙන් ද රාජ්‍ය පරිපාලන, කළමනාකරණ සහ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති අමාත්‍යවරයා වශයෙන් ද කටයුතුකොට ඇත. තවද ඒ මහතා එක්සත් ජාතික පක්‍ෂයේ සභාපතිවරයා ලෙස ද වර්තමානයේ කටයුතු කරයි. වජිර අබේවර්ධන මහතා 1961.09.02 දින උපත ලබා ඇති අතර ගාල්ල මහින්ද විiාලයෙන් අධ්‍යාපනය හදාරා තිබේ. එසේම ඔහු මොරටුව විශ්වවිiාලයේ ඉංජිනේරු උපාධිධාරියෙකි.

රනිල් ධර්මසේන,  අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment