වඩමාරච්චි වෙරළට අද්භූත වස්තුවක්

177

යාපනය වඩමරච්චි මුහුදු වෙරළට අටවෙනි වතාවටත් පැහැදිලිව හඳුනාගත නොහැකි අද්භූත වස්තුවක් (17 දා) ගොඩගසා තිබේ.

වඩමරච්චි පාළාතේ ධීවරයින්ට මෙම අද්භූත වස්තුව හමු වී තිබේ.

ඔවුන් මේ පිළිබඳව ධීවර නිලධාරීන්ට දැනුම් දීමෙන් පසුව එම නිලධාරීන් නාවික හමුදාවට හා පොලිසියට මේ බව දැනුම් දී තිබේ.

මීට පෙර අවස්ථා හතකදීම වඩමරච්චි මුහුදු වෙරළට විවිධ අද්භූත වස්තු ගොඩ ගැසූ අතර මෙවර ගොඩ ගසන ලද්දේ මියගිය පුද්ගලයෙකුගේ අවසන් කටයුතු වෙනුවෙන් නිර්මාණය කරන ලද වස්තුවක් බවට සැක කෙරෙයි.

එම අද්භූත වස්තුවේ සඳහන් කොට ඇති වැකි හා සටහන් කොට ඇති චිත්‍ර නිසා මෙම නිගමනයට පත්ව ඇතත් ඉතා පැහැදිලිව මේ ගැන විස්තරයක් මෙතෙක් ඉදිරිපත් වී නොමැත.

මුහුදේ පාවී වඩමරච්චි මුහුදු වෙරළට ගොඩ ගැසූ එම අද්භූත වස්තුව ධීවරයින් විසින් වෙරළේ තැනක තැන්පත් කොට තිබේ.

දිනසේන රතුගමගේ


advertistmentadvertistment