වනිඳුට එක්දින තරගාවලිය අහිමි වෙයි

736

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවැති විස්සයි – 20 අවසන් තරගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට පාදයේ සිදුවූ ආබාධයක් හේතුවෙන් නවසීලන්තය සමග පැවැත්වෙන එක්දින තරගාවලිය අහිමි වී තිබේ.

වනිඳු නවසීලන්තයට එරෙහි අවසන් විස්සයි – 20 තරගයේදී සුපිරි දස්කම් දක්වන්නට හැකිවිය.

ඒ ඔහු ලකුණු 17කට කඩුලු 04ක් බිඳ දමමිනි.

වනිඳුට තරගාවලියේ වීරයා සම්මානය ද හිමිවිය. එමෙන්ම වනිඳු හසරංග 2024 වසරේ එක්දින හා පන්දුවාර 20 ක්‍රිකට් ආකෘතිවල වැඩිම කඩුලුලාභි ක්‍රීඩකයා ද වෙයි. ඉනිම් 28කදී ලබාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 59කි.

වනිඳු සිය නිමාවූ විස්සයි – 20 අවසන් තරගයේදී තෙවැනි පන්දු වාරය යවන මොහොතේදී පාදයේ ආබාධයට ලක්වූ අතර ඔහුට නියමිත පන්දුවාර 04 අවසන් කරමින් ඔහු ක්‍රීඩාපිටියෙන් ඉවත් විය.

ලබන 13 වැනිදා ආරම්භ වීමට නියමිත තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා වනිඳු හසරංග එක්නොවනු ඇත.

සුසිල් ජයකොඩි


advertistmentadvertistment