වවුනියා සූර්ය විදුලි බලාගාරය ගිනිගනී

1412

වවුනියාව – මාමඩුව පාරේ පිහිටුවා ඇති සූර්ය බල විදුලි උත්පාදන බලාගාරයක් පෙරේදා (6 දා) රාත්‍රියේ හදිසියේම ගිනිගෙන තිබේ.

මෙම ගින්න නිසා අලුතින් සවිකිරීම සඳහා රැගෙන එන ලද සූර්ය පැනල විශාල සංඛ්‍යාවක් හා සවිකොට විදුලි බලය ලබා දෙමින් තිබූ සූර්ය පැනල රාශියක්ම ගින්නෙන් විනාශ වී ගොස් තිබේ.

වවුනියාව නගර සභාවේ ගිනි නිවන ඒකකයේ පිරිස් පැමිණ වහාම ගින්න මැඬ පැවැත්වීමට පියවර ගෙන ඇති අතර ගින්න නිවාදමන විට සූර්ය බල විදුලි උත්පාදන මධ්‍යස්ථනයේ සුර්ය පැනල හා උපකරණ රාශියකට හානි සිදුව තිබේ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මාමඩුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

දිනසේන රතුගමගේ


advertistmentadvertistment