දේශීය වෙසක් කූඩු විකිණෙන්නේම නෑ – යන්නෙම චීන ඒවා – වෙළෙන්දෝ කියති

1

“මේ රටේ දේශීය නිර්මාණකරුවන් තනන කලාත්මක වෙසක් පහන් කූඩුවලට අද තැනක් නැහැ. විකිණෙන්නේ අර චීනෙන් ගෙනාපු කූඩු. අපේ කූඩු විකිණෙන්නේ නැහැ. මේ තත්ත්වය තුළ වෙසක් කූඩු අලෙවිකරුවන් හරිම අමාරුවක වැටිලා ඉන්නේ” යැයි පිටකොටුව නගරයේ කූඩු අලෙවි කරන සුගත් කුමාර මහතා “දිවයින” ට පැවැසීය.

පවතින වැසි තත්ත්වය ද කූඩු අලෙවිය අඩුවීමට බලපා ඇතැයි ද හෙතෙම කීය.

තවදුරටත් කතාකළ සුගත් කුමාර මහතා මෙසේ ද කියා සිටියේය.

“ගිය අවුරුද්දේ (2023) වෙසක් කාලයට දවසකට අපි උණබටවලින් හදපු පහන් කූඩු 100ක් 150ක් අලෙවි වුණා. ඒත් දැන් මේ චීනෙන් ගෙන්වන කූඩු නිසා අපේ කූඩු විකිණෙන්නේ නැහැ. දේශීය පහන් කූඩු ටිකට තැනක් දෙන්න. මේ චීනෙන් කූඩු ගෙන්වන එක නතර කරලා දෙන්න.”

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment