කාලගුණය ආකාරුණික වී දින තුනට ලක්‍ෂ තුනකගේ විදුලි ඇනහිටලා – ඇමැති කංචන

67

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පසුගිය දින තුනේදී පාරිභෝගිකයින් ලක්‍ෂ තුනකට වැඩි පිරිසකගේ විදුලිය ඇනහිට ඇතැයි විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

සිය නිල ‘එක්ස්’ ගිණුමේ සටහනක් තබමින් ඇමැතිවරයා මේ බව සඳහන් කර ඇත. එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, විදුලිය බිඳවැටීමේ සිදුවීම් තිස් හයදහස් නවසීයක් නිසා පාරිභෝගිකයින් ලක්‍ෂ තුනකට වැඩි පිරිසකගේ මෙසේ විදුලිය ඇනහිට ඇති බවයි. එම බිඳවැටීම් යථා තත්ත්වයට පත්කිරීම සඳහා මේ වනවිට අතිරේක සේවා කාර්ය මණ්ඩලයක් අනුයුක්ත කර ඇති බවත් විදුලිය බිඳ වැටී ඇති ස්ථානයන්ට ඉදිරි පැය 24 දී විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු කරන බවත් ඇමැතිවරයා අදාළ නිවේදනයේ තවදුරටත් සඳහන් කර ඇත.

මේ අතර විදුලි පාරිභෝගිකයින්ට 1987 යන ක්ෂණික දුරකථන අංකය ඔස්සේ ඇමතුමක් ලබාදී හෝ කෙටි පණිවිඩයක් යොමු කර විදුලි විසන්ධි වීම් පිළිබඳ දැනුවත් කළ හැකි බව ද ඇමැතිවරයා වැඩිදුරටත් සිය නිවේදනයේ දක්වා තිබේ.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment