බ‍්‍රිතාන්‍යයේ සහ කැනඩාවේ ඉන්දීය වැසියෝ ගොවි සටනේ ජය පැන් බොති

263


ඉන්දීය රජය විසින් එරට කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක කිරීමට යෝජනා කළ පනත් තුනක් ඉවත් කරගැනීම ගැන බ‍්‍රිතාන්‍යයේ සහ කැනඩාවේ වෙසෙන ඉන්දීය ජාතිකයින් සිය සතුට පළකර සිටිති.ගොවීන්ගේ නිෂ්පාදන හා වෙළෙඳාම,ගොවි නිෂ්පාදන මිල සහතික කිරීම සහ ගොවි පොළ අත්‍යවශ්‍ය ආහාර ද‍්‍රව්‍ය සම්බන්ධයෙන් රජය විසින් ක‍්‍රියාත්මක කිරීමට යෝජනා කළ පනත් තුනකට එරෙහිව පන්ජාබය,හර්යානා ඇතුළු ප‍්‍රාන්ත කිහිපයක ගොවීහු අඛණ්ඩ උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරතවූහ.කෘෂිකර්මාන්තය සහ ගොවියා ආරක්ෂාකරගැනීම සඳහා ගොවි ජනතාව නැගී සිටීම ගැන සිය ප‍්‍රසාදය පළ කරන බවත් අගමැති නරේන්ද‍්‍ර මෝදි මහතා ගොවි ජනතාවට ඇහුම්කන්දීම ගැන ද සිය ප‍්‍රසාදය පළකරන බවත් ඔවුහු පවසති.

advertistmentadvertistment
advertistmentadvertistment